උතුරු නැගෙනහිර විසඳුම කෝ! ජනපතිට කලින් TNA- මෝදි හමුවක්!

228

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා තවත් දෙමළ දේශපාලන පක්ෂ තුනක නියෝජිතයන් එළඹෙන ජුනි මාසයේදී ඉන්දියාවට යෑමට තීරණය කර ඇත.

එහිදී නවදිල්ලි නුවර දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ තවත් රාජ්‍ය නායකයන් කීපදෙනකු හමුවී ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කරති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව ප්‍රකාශ කර ඇතැයි පැවසූ දෙමළ ජාතික සන්ධනය තම නියෝජිතයන් ඊට පෙර නවදිල්ලි නුවරට යන බව ද සඳහන් කරයි. මීට පෙර දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අගමැතිවරයා හමු වීමට අපේක්ෂා කළ නමුත් එම සංචාරය අවලංගු කිරීමට සිදු වූ බව ද දෙමළ ජාතික සන්ධානය වැඩි දුරටත් කියා සිටියි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment