උතුරු නැගෙනහිර සතුන් මියගියේ අධික සීතලෙන් ඇති වූ කම්පනය නිසා

144

උතුරු නැගෙනහිර පළාත්වල සත්ව මරණවලට හේතුව සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බව ඒ සම්බන්ධව සිදුකරන ලද විමර්ශන මගින් බව අනාවරණය වී ඇත.

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළගවයින්, මී ගවයින් හා එළුවන් 1660ක් පමණ මරණයට පත් වූහ. එමෙන්ම තවත් සතුන් විශාල ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටිති. මෙම හදිසි සත්ව මරණ සම්බන්ධව විධිමත් විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරින්ට උපදෙස් දුන් අතර ඒ අනුව පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම සත්ව මරණ පිළිබඳ සිදු කරන ලද විමර්ශන පිළිබඳ වාර්තාව ඊයේ (13දා) කෘෂිකර්ම අමාත්‍යවරයාට ලබා දී ඇත.

උතුරු නැගෙනහිර පළාත්වල සතුන් දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයට හුරු වී සිටින අතර හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්කම් නිසා ඇති වූ අධික සීතලට ඔරොත්තු දීමට එම සතුන්ට අපහසුව ඇත. ඒ හේතුවෙන් ඇති වූ කම්පන තත්ත්වය මෙම මරණවලට හේතුවී තිබේ.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment