උතුරෙන් පැන්න තරුණයන් අල්ලන්න ඉන්දියාවෙන් මෙහෙයුමක්

203

උතුරේ දෙමළ තරුණයන් 17 දෙනකු ඉන්දියාවේ කේරළ ප‍්‍රදේශයට බෝට්ටුවක් මගින් පැනගොස් එතැන් සිට පාකිස්ථානයට සංක‍්‍රමණය වීමට ගත් උත්සාහයක් නිසා ඉන්දීය ආරක්ෂක අංශ එම තරුණයන් සෙවීම සඳහා 2 වැනිදා සිට විශාල මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.

ඉන්දීය බුද්ධි අංශවලට වාර්තා වී ඇත්තේ උතුරේ සිට ගිය තරුණයන් 17 දෙනා මේ වන විට ඉන්දියාවේ එර්නාක්ලම සහ ඇලප්පුජා යන ප‍්‍රදේශවල සැඟ වී සිටින බවත් ඔවුන්ට පාකිස්ථානු ව්‍යාපාරිකයකු විසින් පූර්ණ ආරක්ෂාව සපයා දී ඇති බවත්ය. ඉන්දීය පොලිසිය එම ප‍්‍රදේශවල නිවාස පාලූ ගොඩනැඟිලි හා ධීවර පැල්පත් පරීක්ෂා කරමින් සිටින අතර ඉන්දියාවේ කොචී වෙරළාරක්ෂක පොලිසියේ ප‍්‍රධානියා වන සංගීත් ජාබ් ඉන්දීය මාධ්‍යයට ප‍්‍රකාශ කළේ එම පළාත පුරා ආරක්ෂාව දැඩි කොට සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති බවයි. මෙකී ව්‍යාපාරිකයා මීට ඉහතදීද පකිස්ථානයට රැුගෙන ගිය දෙමළ තරුණයන් පිරිසක් කැනඩාව, ප‍්‍රංශය හා ස්විස්ටර්ලන්තයට යවා ඇති අතර එසේ යෑමට සූදානමින් සිටි කණ්ඩායමක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. උතුරෙන් බෝට්ටු මගින් ඉන්දියාවට ගොස් සැඟ වී සිටින පිරිස සෙවීමේ කටයුතු ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ පොලිසිය මගින් ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment