උතුරේ ධීවරයින්ට ඉන්දීය ධීරවරයෝ පහර දෙති

282


උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණි ඉන්දීය ධීවරයින් පිරිසක් යාපනයේ ගුරුනගර් ධීවරයින් තුන් දෙනෙකුට මහ මුහුදේදී පහර දී ඔවුන් මුහුදට තල්ලු කිරීමට උත්සහා කළ බව යාපනයේ එක්සත් ධීවර සමීති සංගමය ධීවර නිලධාරීන්ට පැමිණිලි කොට තිබේ.
ඉකුත් 05 වැනිදා මෙම ධීවරයින් ගමන් කළ බෝට්ටුව මහ මුහුද මැදදී නතර කළ ඉන්දීය ධීවරයින් පිරිසක් ඔවුනට පහර දී මුහුදට තල්ලු කිරීමට උත්සහා කළ බව ධීවර සමිතිය පවසයි.
මෙම පහර දීම නිසා සිදු වූ තුවාල මැද අබලන් වූ බෝට්ටුවෙන් තමුන් ආපසු ගුරුනගර් ජැටියට ළගා වූ බව් පවසන මෙම ධීවරයෝ උතුරේ ධිවරයින්ගේ ආරක්ෂාව සහතික කරණ ලෙස රජයෙන් ඉල්ලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment