උතුරේ හිටපු මන්ත‍්‍රීන් දෙදෙනකුට නොතීසි

157


උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු දෙදෙනෙකු වන එම්.කේ.ශිවාජිලිංගම්ට හා ටී.රවිහරන්ට එරෙහිව මුලතිව් අධිකරණය විසින් නොතීසි නිකුත් කොට ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනාට 2022 පෙබරවාරි මස 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කොට තිබේ.
2018 වසරේදී මුලතිව් වට්ටුවාකල් නාවික හමුදා කදවුර ඉදිරිපිට විශාල උද්ඝෝෂණයක් පවත්වා ගමනා ගමනයට බාධා කිරීම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ හා ඉඩම් දෙපාර්තමේන්තුවේ වාහන වලට පහර දී අලාභ හානි කිරීම නිලධාරීන්ට තර්ජනය කිරීම ඇතුලු චෝදනා කීපයක් සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය විසින් ගොණු කරණ ලද නඩුවක් විභාගයට ගැනීමෙන් පසුව මුලතිව් අධිකරණය විසින් මෙම නියෝග නිකුත් කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment