උතුරේ ආරක්ෂක නිලධාරීන් ගැන කෝවිල් සංගම් අගමැතිට ලියයි

1239

උතුරේ කෝවිල්වලට ඇතුළු වන ආරක්ෂක නිලධාරීන්ගෙන් විශාල පිරිසක් උඩුකය ඇඳුමින් සැරසී පැමිණීමත්, කෝවිල් තුළ පාවහන් පැළදීමත් හින්දු සංස්කෘතියට නොගැළපෙන නිසා මේ පිළිබඳ එම නිලධාරීන්ට උපදෙස් ලබාදෙන මෙන් ඉල්ලමින් උතුරේ හින්දු කෝවිල් සංගම් සම්මේලනය අග‍්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවා තිබේ.
 
එම සංගමය පෙන්වා දී ඇත්තේ උතුරේ ආරක්ෂක නිලධාරීන් ඒ අන්දමට කටයුතු කරන විට කෝවිල් වලට පැමිණෙන හින්දු බැතිමතුන්ව පාලනය කර ගැනීමට කෝවිල්වල භාරකාර පූජකවරුන්ට නොහැකි වන බවයි.
 
මේ මස අගදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යාපනයේ සංචාරය කරන බැවින් එම සංචාරයේදී මේ පිළිබඳ උතුරේ ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙසද කෝවිල් මගින් යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ.
 
– දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment