උතුරේ උක් අලෙවිය ජයටම

544

මේ දින වල උතුරු පළාත තුළ සෑම ප‍්‍රධාන නගරයක් තුළම උක් ගස් අලෙවිය ජයටම සිදු කරණු ලබයි. මෙම ව්‍යාපාරයේ නියුතු වෙළෙඳුන්ට අදාල ව්‍යාපාරය සිදු කළ හැකි වන්නේ වසරකට දින කීපයක් වීම විශේෂත්වයකි.

සාමාන්‍යයෙන් සෑම වසරකටම තෛපෙංගල් දිනයට පෙර දින වල නගර වල උක් ගස් අලෙවිය සිදු කෙරුණද දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශ වල මෙම ව්‍යාපාරය සිදු නෙකෙරේ. ඒ දමිළ හින්දු ජනතාව සමරණු ලබන තෛපොංගල් උත්සවය සඳහා පමණක් මෙම උක් ගස යොදා ගන්නා බැවිණි. සාම්ප‍්‍රදායික සැරසිලි ක‍්‍රමයක් වශයෙන් උක් ගස මෙසේ යොදා ගනු ලබන අතර උක් ගසට අමතරව කහ සහ ඉඟුරුද යොදා ගනු ලබයි. ඒ අනුව මේවා මේ දින වල උතුරේ ප‍්‍රධාන නගර අවට මේ දින වලට පමණක් අලෙවි වනු දක්නට ලැබේ.

මුලතිව් – ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment