උතුරේ දෙමළ ගුරුවරයාගේ මංගලෝත්සවයට බෞද්ධ චාරිත‍්‍රත් එක්වෙයි  

937

දකුණේ බෞද්ධ භික්ෂුවක් යාපනයේ දෙමළ ජාතිකයකුගේ හින්දු චාරිත‍්‍රවලට අනුකූලව පැවති විවාහ මංගල උත්සවයකට පැමිණ මංගල පෝරුවේදී නව යුවළට පිරිත් නූල් බැඳීමෙන් පසුව භික්ෂුන් වහන්සේට අටපිරිකරක් පූජා කිරීමත් සමගම යාපනයේ දෙමළ විවාහ මංගල්ලයට නව අර්ථ කථනයක් එක් වී තිබේ.

දකුණේ පාසලක දෙමළ භාෂාව උගන්වන එස්. ඉන්දරතන හිමියෝ තමන්ගේ හිතවත් ගුරුවරයකු වන යාපනයේ පදිංචි මදිසංකර් නමැත්තාගේත්, ජෙගත් ප‍්‍රියාගේත් විවාහ මංගල උත්සවයට වැඩම කිරීමෙන් පසුව ඔවුන්ට මංගල පෝරුවේදීම ආශිර්වාද කොට ඇත්තේ සෙත් පිරිත් සජ්ඣායනය කොට පිරිත් නූල් බැඳීමෙනි.

හින්දු ක‍්‍රමයට අනුව පැවති එම විවාහ මංගල උත්සවයේදීම බෞද්ධ චාරිත‍්‍රයන් ඉටුවීම ගැන යාපනයේ ජනතාවට අලූත් අත්දැකීමක් එක්වූවා පමණක් නොව මේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ ජනතාවගේ ප‍්‍රසාදයද හිමිව තිබේ.

දෙමළ ජාතික නව යුවළ විසින් භික්ෂුන් වහන්සේට දානය පිරිනමා අටපිරිකරක්ද පූජාකොට ඔවුන්ද ඔවුන්ගේ හින්දු ක‍්‍රමය මොහොතකට බෞද්ධ ක‍්‍රමයට හරවා තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment