උතුරේ ධීවර සම්පත් කොල්ලකන දකුණේ සහ ඉන්දීය ධීවරයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරනවා

719

උතුරු පළාතේ තිබෙන ධීවර සම්පත් ඉන්දීය ධීවරයන් හා මේ රට දකුණේ ධීවරයන් විසින් කොල්ල කෑම දිගින් දිගටම සිදුවන අතර එය නතර කිරීමට නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමට අදාළ අංශ දැනුවත් කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පුනරින් ප‍්‍රදේශයේ පැවති ධීවර සංගම් නියෝජිතයන් හමුවේ පවසන ලදී.

පුනරින් ධීවර සංගම් 16ක නියෝජිතයින් කරන ලද ඉල්ලීමට අනුව ඔවුන්ගේ ගැටලූ පිළිබඳ සොයා බැලීම සඳහා පුනරින් ධීවර සමිති ශාලාවේදී විශේෂ සාකච්ඡුාවක් පැවති අතර එහිදි ධීවර නියෝජිතයන් කියා සිටියේ තම ප‍්‍රදේශවල ජනතාවට ධීවර කර්මාන්තය කර ගත නොහැකි තරමටම ඉන්දීය ධීවරයන්ගෙන් සිදුවන හිරිහැර කිරීම් හා නීති විරෝධි ධීවර කටයුතු මෙන්ම දකුණේ ධීවරයන් තම ප‍්‍රදේශ තුළ සිදු කරන ධීවර කටයුතු හේතුවෙන් උතුරු පළාතේම ධීවරයන්ගේ ජීවන උපායට දැඩි බලපෑම් එල්ලවී ඇති අතර එම කටයුතු නතර කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස අමාත්‍යවරයාගේ ඉල්ලා සිටින ලදී.

මෙහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසා සිටියේ තමන් දෙමළ ජනතාවට සාධාරණයක් කිරීමේ අරමුණින් තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රවාහයෙන් බැහැරව ද කටයුතු කළද පසුව දෙමළ ජනතාවට අවශ්‍ය සාධාරණය ඉටුවීම නිසා තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රවාහයට පැමිණ තම ජනතාවගේ අරමුණු වෙනුවෙන් කටයුතු කරන අතර ඉදිරියේදී උතුරු පළාත තුළ සිදු කරන නීති විරෝධී ධීවර කටයුතුවලට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමට අදාළ අංශ දැනුවත් කර ඇති බවත් අවශ්‍ය වුවහොත් පවතින නීතිරීති වෙනස් කර හෝ උතුරේ සාගර සම්පත් රැුක දීමට කටයුතු කරන බවද පැවසීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment