උතුරේ ස්ථාන රැසකදී කුමාර් පොන්නම්බලම්ගේ ගුණ සැමරේ

180

කෘතහස්ත දෙමළ දේශපාලනඥයෙකු හා කීර්තිමත් නීතිඥවරයකු වූ කුමාර් පොන්නම්බලම් මහතාගේ 22 වෙනි ගුණ සමරුව නිමිත්තෙන් යාපනය සංස්කෘතික ශාලාවේදී හා තවත් ස්ථාන කිහිපයකදී ගුණ සමරු උළෙලවල් (5 දා)සංවිධානය කොට තිබුණි.

කුමාර් පොන්නම්බලම් මහතාගේ මුණුබුරෙකු වන දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සහ කුමාර් පොන්නම්බලම් පදනම විසින් එම උළෙලවල් සංවිධානය කොට තිබුණි.

යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා ඇතුලූ විශාල පිරිසක් කුමාර් පොන්නම්බලම් මහතාගේ ගුණ සමරු උළෙලවල් සඳහා සහභාගී වී සිටියහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment