උතුරේ සුළං බලාගාරයකට ඉන්දියාව කැමැතියි – ශී‍්‍ර ලංකා රජයෙන් තවම තීරණයක් නෑ

186

උතුරු පළාතේ දූපත්වල සුළං බලාගාර ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඉන්දියාවෙන් කැමැත්ත පළ වී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් ‘දිවයින’ට වාර්තා වේ.

මේ අනුව එම ව්‍යාපෘතියේ පිරිවැයෙන් සියයට 75 ක් ප‍්‍රදානයක් වශයෙන් ශී‍්‍ර ලංකාවට ලබාදීමට සහ ඉතිරි සියයට 25 ක ව්‍යාපෘති මුදල වෙනුවෙන් සහනදායි ණය මුදලක් ලබාදීමට ද ඉන්දියාව පැත්තෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි ද වාර්තා වේ.

එහෙත් මේ යෝජනාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය තවමත් තීරණයක් ගෙන නොමැති බව ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

උතුරු පළාතේ දූපතක මේ සුළං බලාගාර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට යෝජිත අතර මේ ව්‍යාපෘතිය කලින් චීන සමාගමක් විසින් කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබිණි.

එම බලශක්ති ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම අදාළ චීන සමාගම විසින් මෑතදී අත්හැර තිබිණි.

මේ ව්‍යාපෘතිය ඉන්දියාවේ සමාගමකට ලබාදීමට තවම තීරණයක් නැතැයි පසුගියදා කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා ද ප‍්‍රකාශ කර තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment