උතුරේ හමුදා වැඩ සීසීටීවී ඔස්සේ රටවල් අටකට

602

උතුරේ කි‍්‍රයාත්මක වන ආරක්ෂක හමුදා සෝදිසි කිරීම්, අත්අඩංගුවට ගැනීම් එසැණින් විදේශ රටවල් අටකට විකාශනය කෙරෙන සී. සී. ටී. වී. ජාත්‍යන්තර සබඳතා ජාලයක් පිළිබඳව අනාවරණය වී ඇත. මේ සඳහා ඉන්දීය සී. සී. ටී. වී. සබඳතා භාවිතා කරන බව තවදුරටත් හෙළි වී තිබේ. කොටි ඩයස්පෝරාව මෙහෙයවන මෙම ජාත්‍යන්තර වීඩියෝ ජාලයට මසකට රුපියල් 5000ක් අය කෙරේ. ආරක්ෂක අංශ සිදුකරන පහරදීම් සහ නිවාස පරීක්ෂා කිරීම් විදේශ රටවලට නැරඹීම සඳහා වීඩියෝ ලින්ක් හෙවත් වීඩියෝ සබඳතාවය ගැන හෙළි වූයේ ස්වීඩනයේ සිට යාපනයට ගිය කොටි විරෝධී ද්‍රවිඩයකුගෙන්ය. ආරක්ෂක අංශ මේ ගැන දන්නේ නැත. සී. සී. ටී. වී. පද්ධති විශාල සංඛ්‍යාවක් උතුරේ තිබෙනවා යැයි හෙතෙම හෙළි කළේය.

බි‍්‍රතාන්‍ය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, ප‍්‍රංශය, නෝර්වේ, ස්වීඩන්, කැනඩාව සහ ඇමරිකාව සමග මෙම ජාත්‍යන්තර වීඩියෝ සබඳතාවය කි‍්‍රයාත්මක වේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment