උතුර අපරාජිත ගමනක – ‘නිදහස් අභියෝග කුසලාන’

103

අන්තර් පළාත් පාපන්දු තරගාවලිය

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක ‘නිදහස් අභියෝග කුසලාන’ අන්තර් පළාත් පිරිමි පාපන්දු තරගාවලියේ සිව් වැනි සතියේ තරග ආශ‍්‍රිතව ජයග‍්‍රහණ වාර්තා කර ගනිමින් කැපී පෙනෙන්නට සබරගමුව, උතුර සහ නැගෙනහිර කණ්ඩායම් සමත් විය.

මෙතෙක් පැවති තරඟ ආශ‍්‍රිතව තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට සමත් වී සිටින උතුරු පළාත් කණ්ඩායම විසින් මධ්‍යම පළාත් කණ්ඩායම ගෝල් 01 – 00 ක් ලෙස පරාජය කළ අතර නැගෙනහිර කණ්ඩායම හමුවේ ගෝල් 01- 00 ක පරාජයක අමිහිර අත් විඳින්නට සත්කාරක ඌව පළාත් කණ්ඩායමට සිදු විය. එමෙන්ම ජාතික ක‍්‍රීඩකයින් රැුසක ගෙන් සැදුම්ලත් බස්නාහිර පළාත පරාජය කරමින් ගෝල් 02 – 01 ක ජයග‍්‍රහණයක් වාර්තා කර ගැනීමට සබරගමුව කණ්ඩායමට හැකි විය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම නම සඳහන් කර ගැනීමට උතුරට හැකි වූ අතර ලකුණු 08 ක් සමගින් දෙවැනි ස්ථානය සබරගමුව තහවුරු කර ගත්තේය. තෙවැනි ස්ථානය හිමි නැගෙනහිර හමුවේ සටහන්වූ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 06 ක් බවට පත්විණි. අංක එකේ සිටින උතුර ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 10 කි.

මෙහිදී ලද පරාජයත් සමගින් මධ්‍යම සහ බස්නාහිර ඉදිරියේ ලකුණු 04 ක් ද ඌව හමුවේ ලකුණු 03 ක් ද සටහන්ව තිබේ.

සබරගමුව ගෝල් 02

බස්නාහිර ගෝල් 01

ඊයේ (07) සවස බදුල්ලේ දී පැවති සබරගමුව සහ බස්නාහිර අතර තරගයෙන් ගෝල් 02 – 01 ක තියුණු ජයග‍්‍රහණයක් සටන් කර ගැනීමට සබරගමුව නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් 01 – 00 ක් ලෙස පෙරමුණ ගත් සබරගමුව පිල දෙවන භාගයේ දී තවත් ගෝලයක් වාර්තා කර ගනිමින් ගෝල් 02 – 01 ක් ලෙස බස්නාහිර පිල පරාජය කිරීමට සමත්වීම කැපී පෙනුණි.

සබරගමුව ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වූ මොහොමඞ් මුෂ්ෆික් ගෝල් ද්විත්වයම රැුස් කළ අතර පරාජිත පිලේ එකම ගෝලය නවීන් ජූඞ් විසින් වාර්තා කරන ලදි.

මෙම තරගය එෆ්. එම්. ඉර්ෂාන් මහතා විසින් විනිශ්චය කරන ලදී.

උතුර ගෝල් 01

මධ්‍යම ගෝල් 00

ඉරිදා (06) සවස බදුල්ල වින්සන්ට් ඩයස් ක‍්‍රීඩාංගනයේ දී පැවති ආරම්භක තරගයේ දී මධ්‍යම පළාත් පිල පරදා ගෝල් 01- 00 තියුණු ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට උතුරු පළාත නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

තරගය ඇරැුඹී පළමු භාගය තියුණු තරගකාරීත්වයක් ප‍්‍රදර්ශනය කරමින් සම තත්ත්වයක් ඉසිලීය. එහෙත් දෙවන භාගයේ 69 වැනි මිනිත්තුවේ දී පෙරමුණ ගැනීමට උතුර කණ්ඩායමට හැකි විය. ඒ පෙර පෙළ ආක‍්‍රමණික ක‍්‍රීඩක එම්. නිදර්ශන් රැුස් කළ ගෝලයත් සමඟිනි.

ඉනික්බිතිව ගෝල් රැුස් කිරීමට දෙපිලටම නොහැකි වූයෙන් ගෝල් 01 – 00 ක ජයග‍්‍රහණයක් උතුර සතු විය.

මෙම තරගය නිවෝන් රුබේෂ් මහතා විසින් විනිශ්චය කරන ලදී.

නැගෙනහිර ගෝල් 01

ඌව ගෝල් 00

තරගය ඇරඹී 19 වැනි මිනිත්තුවේ දී ලීනස් ඛාන් විසින් රැුස් කරන ලද ගෝලයෙන් පෙරමුණ ගත් නැගෙනහිර පළාත ට තෙවන ජයග‍්‍රහණය සටහන් කරමින් සත්කාරක ඌව පළාත් පිල බදුල්ලේදීම පරාජය කිරීමට සමත්වීම කැපී පෙනුණි.

ඉරිදා (06) විදුලි ආලෝක ධාරා මැද වින්සන්ට් ඩයස් ක‍්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්විණි.

මෙම තරගය ලක්මාල් වීරක්කොඩි මහතා විසින් විනිශ්චය කරන ලදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment