උතුර මීදුමෙන් වැසේ

203


වර්ෂාව හමාර වීමත් සමගම උතුරු පළාත පුරා අධික මීදුමක් අද උදෑසන දක්නට ලැබුණි.
මෙම මීදුම නිසා මහා මාර්ග සියල්ලක්ම සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබූ අතර වාහන ගමනාගමනයට එම තත්ත්වය විශාල බලපෑමක් බවට පත්විය.
විශේෂයෙන්ම අනතුරු බහුල ඒ-9 මාර්ගයේ ගමන් කළ වාහන වලට ආලෝක සංඥා දල්වා ගෙන ඉතා සෙමින් හා පරෙස්සමින් යුතුව වාහන ධාවනය කරවන ලෙස පොලිස් නිලධාරීන් රියදුරන්ට උපදෙස් දී තිබුණි.
අධික රශ්මියකින් යුත් උතුරු පළාතට මෙතරම් විශාල වශයෙන් මීදුම පවතින ආකාරයක් දැක ගැනීම ඉතා දුර්ලභ ගණයේ සිදුවීමක් වන අතර උතුරේ වැසියෝ කියා සිටියේ ඉතා දිගු කාලයක් වර්ෂාව පැවතීමෙන් පසුව වර්ෂාව අවසන් විමත් සමග විශාල කාලගුණික විපර්යාසයක් සිදුව ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment