උතුවන්කන්දේ බස් අනතුරින් ගුරුවරියක් මරුට: 38 කට තුවාල: 5 කට බරපතළයි

210

කොළඹ – නුවර මාර්ගයේ මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේ අන්වාරමහිදී ඊයේ (25දා) දහවල් සිදුවූ බස් අනතුරකින් කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

උතුවන්කන්දේ බස් අනතුරින් ගුරුවරියක් මරුට: 38 කට තුවාල: 5 කට බරපතළයි

වංගුවක් සහිත ස්ථානයකදී ලංගම බස් රථයක් තවත් ලංගම බස් රථයකට ඉස්සර කර ඉදිරියට ධාවනය වන විට ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇත. ඉන් තුවාල ලැබූ 38 දෙනකු මාවනැල්ල රෝහලට ඇතුළු කර සිටි අතර 05 දෙනකු බරපතළ තුවාල ලබා සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

උතුවන්කන්දේ බස් අනතුරින් ගුරුවරියක් මරුට: 38 කට තුවාල: 5 කට බරපතළයි

මාවනැල්ල ජයන්ත සේනානායක සහ අරණායක – රෝහණ ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment