උදයංගට තවදුරටත් රට යන්න බෑ

132

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග්යානා මිලදී ගැනීමේ නඩුවට අයුතු ලෙස මැදිහත්වී ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන හතකට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ
ගමගේ මහතා විසින් ඊයේ (12 වැනිදා) ප්‍රතික්‍ෂේප කරන ලදී.

වෙළෙඳ සම්මන්ත්‍රණයකට සහභාගිවීම සඳහා විදේශගත වීමට නියමිතව ඇති බැවින් විදේශ ගමන් තහනම ඉවත් කර අධිකරණය භාරයේ ඇති විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහරින ලෙසට උදයංග වීරතුංග මහතා නීතිඥ අජිත් සිරිවර්ධන මහතා මගින් මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු 2015 වසරේ සිට අධිකරණය මගහැර විදේශගතවී සිටි අයකු බවත් 2019 වසරේදී නව රජය බලයට පත්වීමෙන් පසුව මෙරටට පැමිණි ඔහුට විදේශගත වීමට අවසර ලබා දුනහොත් ඉදිරි නඩු කටයුතු සඳහා අධිකරණයට ගෙන්වා ගැනීමට නොහැකි වන බව පවසමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැක්වූ දැඩි විරෝධතාවය පිළිගත් මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment