උදරයේ ඇලවූ ප්ලාස්ටරයෙන් කුඩු පැකට් 400 ක් එළියට

229

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම
 

උදරයේ ශල්‍යකර්මයක් සිදුකළ ආකාරයට ප්ලාස්ටරයක් අලවාගෙන, ඒ තුළ හෙරොයින් මත්කුඩු පැකට් 400 ක් සඟවාගෙන සිය බිරිඳ සමගින් සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්කුඩු ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු බිරිඳ ද සමග, රුපියල් 135,000 ක මුදලක්, විද්‍යුත් තරාදියක්, ජංගම දුරකථනයක් සහ මෝටර් රථය සමග කළුතර අපරාධ කොට්ඨාසය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාගොඩ,  කරන්නාගොඩ ප‍්‍රදේශයේ පදිංචි 35 සහ 36 වියැති අඹුසැමි යුවළක් බව පොලිසිය පවසයි. බෙන්තොට සිට කළුතර දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථය අලූත්ගම ප‍්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා නවතා පරීක්ෂා කර තිබේ.
 
 සැකකරු සිය උදරයේ ශල්‍යකර්මයක් සිදුකර ඇති බව පවසා පොලිසිය මඟ හැර යෑමට උත්සාහ දරා ඇති අතර එය සැක සිතී ප්ලාස්ටරය ගලවා පරීක්ෂා කිරීමේදී එහි පොලිතින් කවර වල බහා මත්කුඩු පැකට් 400 ක් සොයාගත් බව පොලිසිය කියයි. මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ වරකාගොඩ ප‍්‍රදේශයේ පදිංචි 36 සහ 35 වියේ පසුවන අඹුසැමි යුවළකි. මේ වන විට බන්ධනාගාර ගතව සිටින ප‍්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙක් වන වැලිපැන්නේ ජෝසා විසින් මෙහෙයවන ජාවාරමට මෙම සැකකරුවන් සම්බන්ධ බව පොලිසිය කියයි. සැකකරුවන් කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
 අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආයාස කරුණාරත්න, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී. එල්. ඒ. නයනජිත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැරයන් නෙලූ බණ්ඩාර (30787*, කොස්තාපල්වරුන් වන ප‍්‍රසන්න (69479*, ජයසිංහ (75821* සහ කාන්තා සෙව්වන්දි (1871* වැටලීමට එක්වූහ

advertistmentadvertistment
advertistmentadvertistment