උද්ගතවී ඇති අර්බුදයට  කඩිනම් විසඳුමක් ලබාදිය යුතුයි – හිටපු කථානායක කරු ජයසූරිය

159

දැනට අප රටට උද්ගතවී ඇති දැඩි අර්බුදකාරී තත්ත්වයට වහාම රජය විසින් හැකිතාක් ඉක්මනින් විසඳුමක් ලබාදිය යුතු බව ද එසේ නොමැති වුවහොත් ජනතාවගේ අරගලය තවත් උත්සන්න වීමට ඉඩ ඇති බවද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක දේශබන්දු කරු ජයසූරිය මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවසුවේ ‘ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යන ග‍්‍රන්ථය ජනගතකිරීමේ උත්සවය නාරාහේන්පිට ජානකී හෝටලයේදී පැවැති අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා, අප රටට අයහපත් 20 වෙනි සංඝෝධනය වහාම ඉවත් කළ යුතුයි. එම සංශෝධනයෙන් අප රටට කිසිම යහපතක් නැහැ. අද පවතින්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පාගා දමන පාලන ක‍්‍රමයක්. ඒකට අපට කිසිසේත්ම සහයෝගය දක්වන්න බැහැ. ලෝකයේ මානව හිමිකම් අතින් ඉතා ගෞරයෙන් තිබුණු රටක් අපේ රට, ඒක සම්පූර්ණයෙන්ම අද විනාශ වෙලා. ලෝකයේ සමහර රටවල් අප රටේ මානව හිමිකම් ගැන කිසිම විශ්වාසයක් නැති බව ද ඒ මහතා සඳහන් කළේය.

අද අප රට පත්වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත විශේෂයෙන්ම විදේශ රටවල් සමඟ දැඩි සම්බන්ධතාවයක් තිබිය යුතුයි. ඒ වගේම ජාතීන් අතර විශ්වාසය ද ඉතාමත් අවශ්‍ය බවද වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේය.

එහිදී නීතිඥ ලක්ෂිත රත්නායක මහත්මිය අදහස් දක්වමින්, අධ්‍යාපනයක් නොමැති සමහර දේශාපලනඥයින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් අප රට විනාශය කරා යෑමට සිදුවූ බව ද සඳහන් කළේය.

එහිදී පිළිගැනීමේ කථාව ලයනල් ගුරුගේ මහතා විසින් සිදු කළ අතර, තුසිත සිරිවර්ධන, විජයානන්ද ජයවීර, පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය එම්. ටී. එම්. මහීස්, ආචාර්ය නිමල් කරුණාසිරි, ලසන්ත ද සිල්වා යන මහත්වරුද කතාකළහ.

ධර්මසේන වැලිපිටිය
 

advertistmentadvertistment
advertistmentadvertistment