උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව රනිල් උසාවි යන්න හදයි

778

රජයට එරෙහිව කරන විරෝධතා උද්ඝෝෂණ නිරෝධායන පනත යටතේ තහනම් කිරීමත් ඒවාට සහභාගී වන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට
 
 ගැනීමටත් එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නීති අංශයට ඊයේ (8 දා* උපදෙස් දුන්නේය.
 
 
 ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක නිරෝධායන පනත යටතේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම තහනම් කිරීමටත් ඒවාට සහභාගී වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් නොහැකි බව මීට පෙර එජාප නීති අංශය කරුණු පෙන්වා දුන් බවත් එජාපය පවසයි.
 
 විරෝධතා සහ උද්ඝෝෂණවල යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීමත් සමග රනිල් වික‍්‍රමසිංහ මහතා නීති අංශයට දුන් උපදෙස්වල දැක්වෙන්නේ ඉහත පියවරට එරෙහිව අධිකරණයෙන්ම නීතිමය ආවරණය ගන්නා ලෙසය.
 
 රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ මෙහෙයවීමෙන් ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් ද ගොනු කිරීමට නියමිතය.

 චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment