උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීම් වහා නවතනු-සුනිල් වටගල

422

උද්ඝෝෂණ තහනම් කිරීමට අධිකරණවලින් අවසර නොලැබුණු පසු ආණ්ඩුව පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව යොදා උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීම් සිදු කරන බව ජාතික ජල බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ සභාපති නීතිඥ සුනිල් වටගල මහතා ඊයේ (08දා) රජයට චෝදනා කරයි.

සාමකාමී උද්ඝෝෂණවලින් පසු මඟ රැක සිට ලුහුබැඳ ගොස් පිරිස් අත්අඩංගුවට ගැනීම් අතිශය නීති විරෝධී බවත් සඳහන් කළ වටගල මහතා මෙම නීති විරෝධී කටයුතු නතර කිරීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතුව ඇති බවත් කීය.

ජාතික ජල බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ සභාපති නීතිඥ සුනිල් වටගල මහතා ඊයේ එම අදහස් පළ කලේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

advertistmentadvertistment
advertistmentadvertistment