උද්ඝෝෂකයන් මැදට වෙස්ගත්තවුන් යෙදවීමේ වෑයමක් – දුමින්ද නාගමුව

241

ආරක්‍ෂක අංශයේ පිරිසක් උද්ඝෝෂකයන් මෙන් සටන් පාඨ කියමින් පුහුණු කරන්නේ කුමකට දැයි රජය වහාම රටට හෙළිකළ යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

පෙරේදා 15 දා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වීඩියෝ දර්ශනයක් මාධ්‍ය වෙත පෙන්වමින් ඔහු මේ බව කීවේය.

මෙම ආරක්‍ෂක අංශ පිරිස එසේ පුහුණු වෙන්නේ ගෝල්ෆේස් උද්ඝෝෂණ භූමියේ කියන සටන් පාඨ පාවිච්චි කරමින් යැයි ද ඔහු කීවේය. රජයට හිතවත් පිරිස් කොළඹ ගෝල්ෆේස් උද්ඝෝෂණ භූමියට ඇතුළු කරවා තීරණාත්මක මොහොතකදී තමන්ට අවශ්‍ය ලෙස හසුරුවා ගැනීමට රජය සූදානම් වන බවත් මේ පිළිබඳව ගෝල්ෆේස් උද්ඝෝෂණ භූමියේ සිටින පිරිස් අවධානයෙන් සිටිය යුතු බවත් ඔහු කීවේය.

මීට අමතරව දරුවන් උද්ඝෝෂණවලට යොදා නොගන්නා ලෙස සහ “වී වෝන්ට් ගෝඨා” ලෙස පසුගිය දිනවල පුවරු ප්‍රදර්ශනය කළ පුද්ගලයකු දැන් වඩේ කඩයක් දමාගෙන ගෝල්ෆේස් භූමියේ සිටින බව ද නාගමුව මහතා කීවේය.

අනුරාධ හිරිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment