උද්ඝෝෂණවලට ආණ්ඩුව බයද: සජබ පාර්ලිමේන්තුව ළඟ උද්ඝෝෂණ

477

මාධ්‍ය මර්දනය නවතනු’, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකිමු’, ‘සිවිල් අයිතීන් සුරකිමු’, ‘උද්ඝෝෂණවලට ආණ්ඩුව බයද’ වැනි සටන් පාඨ ප‍්‍රදර්ශනය කරමින් විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ඊයේ (08දා* පෙරවරුවේ පාර්ලිමේන්තු පිවිසුම අසල නිහඬ සහ සාමකාමී විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
 
 එම මන්තී‍්‍රවරු මීටරයක පරතරය තබා ගනිමින් මෙලෙස එම විරෝධතාවයෙහි නිරත වූ අයුරු දක්නට ලැබිණි.
 
 මෙහිදී අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේ කීවේය.

උද්ඝෝෂණවලට ආණ්ඩුව බයද: සජබ පාර්ලිමේන්තුව ළඟ උද්ඝෝෂණ

මේ රටේ සාමකාමී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී උද්ඝෝෂණවලට අයිතිය තිබිය යුතුයි. අද ජනතාව උද්ඝෝෂණය කරනවා. තෙල් මිල අඩු කරන්න කියලා. ගොවියන්ට පොහොර දෙන්න කියලා, ධීවරයන්ට සහන ඉල්ලා, පරිසර විනාශයට වන්දි දෙන්න කියලා උද්ඝෝෂණ කරනවා. මාර්ග ගත අධ්‍යාපනයට නිවැරදි විසඳුම් දෙන්න කියලා ඉල්ලා උද්ඝෝෂණය කරනවා.
 
 එන්නත්කරණය පිළිවෙලට කි‍්‍රයාත්මක කරන්න කියලා ජනතාව ඉල්ලා සිටිනවා. ඉක්මනින් ගුරුවරුන්ට එන්නත ලබා නොදී බලවතුන් එන්නත ගහ ගත්තා. ලැජ්ජා නැතුව මේ රටේ ජනතාවට සහන දෙන්නේ නෑ. වෙන රටවල් මූල්‍ය සහන දෙන කොට මේ රටේ කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට, ජනතාවට සහන නෑ.
 
 අද රට අමාරු තත්ත්වයකයි සිටින්නේ. කෝටිපතියන්ට සහන දෙනවා වෙනුවට ජනතාවට සහන දිය යුතුව තිබුණා. නමුත් ආණ්ඩුව එලෙස කළේ නෑ. අපි විපක්ෂයක් ලෙස මේ කොවිඞ් වසංගතයේදී ජනතාවට උදව් කරන්න කටයුතු කරනවා. ඒ වගේම මොනම තත්ත්වයක් යටතේවත් උද්ඝෝෂණ තහනම් කරන්න දෙන්න බෑ. නිරෝධායන නීති පිළිපදිමින් ඕනෑම කෙනෙකුට උද්ඝෝෂණය කරන්න අයිතිය තිබෙනවා. අද අපි බොහොම විනයානුකූලව මේ උද්ඝෝෂණය කළා. අපි මෙතනින් නවත්වන්නේ නැතුව හැම ජන කොට්ඨාසයක්ම ආරක්ෂා කර ගැනීමට අපි පෙරමුණ ගන්නවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment