උද්ඝෝෂණවලට ගැසූ කඳුළු ගෑස් උණ්ඩ රස පරීක්‍ෂක හමුවට

79

පසුගිය දිනවල පැවැති උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලිසිය පාවිච්චි කළ කඳුළු ගෑස් උණ්ඩවල තත්ත්වය පරීක්‍ෂා කිරීම සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යැවීමට පොලිසිය කටයුතු කර ඇත.

උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලිසිය පාව්චිචි කළ කඳුළු ගෑස් උණ්ඩ විෂ සහිත ඒවා බවත් ඇතැම් උණ්ඩ කල් ඉකුත්වූ ඒවා බවත් චෝදනා එල්ල වී තිබිණි. මේ හේතුව නිසා පොලිසිය පාව්චිචි කළ කඳුළු ගෑස් උණ්ඩවල තත්ත්වය පරීක්‍ෂා කිරීමට එහි සාම්පල් කිහිපයක් රජයේ රස පරීක්‍ෂක වෙත යැවූ බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා ‘දිවයින’ට පැවසීය.

විරෝධතා පෙළපාලි විසුරුවා හැරීමේ දී ජීවිත දෙකක් අහිමිවී ඇති බවට චෝදනා එල්ල වූ අතර එම කඳුළු ගෑස් උණ්ඩ සහ ඒවා භාවිත කළ ආකාරය පිළිබඳව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ද නියෝගයක් නිකුත් කර තිබිණි. ඒ අනුව එම කරුණු සම්බන්ධයෙන් සති 2ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කර තිබේ.

නෝමන් පළිහඩවන, හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment