උද්ඝෝෂණවලදී පැතිරෙන කොවිඩ් සඳහිරුසෑය විවෘත කළ දා සිල් ගත්තාද? – රෝහිණී කවිරත්න

282

උද්ඝෝෂණවලදී වැඩියෙන් පැතිරෙන බව කියූ කොවිඞ් සඳහිරුසෑය විවෘත කිරීමේ උත්සවය දා සිල් ගත්තා දැයි විපක්‍ෂ මන්ත‍්‍රීනී රෝහිණි කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) ප‍්‍රශ්න කළාය.

ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ උද්ඝෝෂණයක් ගෞරවාන්විත පුණ්‍යෝත්සවයක් සමඟ සංසන්දනය නොකරන ලෙසය.

එහිදී මතු වූ සංවාදය මෙසේය.

රෝහිණී කවිරත්න මහත්මිය –

සමගි ජනබලවේගය විරෝධතාවයක් සංවිධානය කළා. ආණ්ඩුව ඒකට බය වුණා. මර්දනය කළා. කොවිඞ් පැතිරෙනවා කිව්වා. දැන් ඊයේ සඳහිරු සෑයේදී කොවිඞ් පොකුරු හැදෙන්නේ නැද්ද. එතැන ලොකු සෙනඟක් හිටියා. එතැන කොවිඞ් වෛරසය තිබුණා නම් වෛරසය සිල්අරගෙන ද හිටියේ.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා –

සඳහිරුසෑය මහා පුණ්‍යෝත්සවය උද්ඝෝෂණයකට සමාන කරන්න එපා. ඒක යුද්ධය අවසන් කරපු රණවිරුවන්ට කරපු මහා ගෞරවයක්.

රෝහිණී කවිරත්න මහත්මිය –

කොවිඞ් වෛරසය උද්ඝෝෂණයද, පුණ්‍යෝත්සවය ද කියලා නෑ. සඳහිරු සෑය විවෘත කිරීමේ උත්සවයේදී කොවිඞ් වෛරසය සිල් ගත්තාද?

ෂෙහාන් සේමසිංහ මහතා –

විපක්‍ෂයට බෞද්ධාගමත් එක්ක වෛරයක් තිබෙනවා. කරුණාකරලා ආගම්වාදය ජාතිවාදය පතුරුවන්න එපා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment