උද්ඝෝෂණ අස්සෙන් කොවිඞ් රැල්ලක්! – පී. එච්. අයි. සංගමයේ සභාපති කියයි

139

රටපුරා පැවැත්වෙන ගොවි උද්ඝෝෂණ, ගුරු උද්ඝෝෂණ, දෙමාපිය උද්ඝෝෂණ, විරෝධතා, දේශපාලන රැුස්විම් තුළින් යළිත් රටපුරා කොවිඞ් රැුල්ලක අවදානමක් මතුවී ඇතැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඊයේ (03දා) පැවසීය.

සියලූ උද්ඝෝෂණ, විරෝධතා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් පැවැත්වීම කනගාටුදායක බව ද හෙතෙම කීය.

එසේම කෙටි දුර සේවාවේ යෙදෙන බස් රථවල මගී ජනතාව ‘පොල් පටවාගෙන’ මෙන් ධාවනයේ යෙදෙන බවත්, මේ තුළින් ද කොවිඞ් අවදානමක් මතුව ඇති බවත් හෙතෙම පැවසීය. මේ සම්බන්ධව බස් රථ සේවකයින් මෙන්ම බස් රථවල ගමන් ගන්නා මගී ජනතාව ද අවධානය යොමු කළ යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය. එසේම මේ දිනවල වන්දනා ගමන්, විනෝද චාරිකා යෑමෙන් වැළකී සිටීම ඉතා වැදගත් බව ද හෙතෙම කීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment