උද්ඝෝෂණ මගින් අර්බුදවලට  විසඳුම් සෙවිය නොහැකියි – ජනපති ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන්ට කියයි

144

සියලූ දෙනා එක්වී වැඩ කළ යුතුයි

උද්ඝෝෂණය කිරීම මගින් පවතින අර්බුදවලට විසඳුම් ලබාගත නොහැකි බවත් ඒ සඳහා සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (04 දා) පැවැති ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් හමුවේ ප‍්‍රකාශ කර ඇත.

ජනාධිපති මන්දිරයේදී පැවැති මෙම  රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු 132 ක් පමණ සහභාගි වී තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ආණ්ඩුවෙන් යම් අඩුපාඩුවක් සිදුව ඇත්නම් එය සොයා බලා විසඳාගත යුතු බවය.

ඉන්ධන, ගෑස් අර්බුදය සඳහා කඩිනම් විසඳුම් ලබාදීම සඳහා පියවර ගනිමින් සිටින බවත් මෙය දීර්ඝ කාලයක් තිස්සේ පැවැති රටේ ආර්ථික අර්බුදයක ප‍්‍රතිඵලයක් බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ මීට වඩා දුෂ්කර අවස්ථාවලට රට මුහුණ පා ඇති බවත් ඒ නිසා මෙම දුෂ්කර අවස්ථාවේදී සියලූ දෙනා එක්ව ඊට මුහුණදිය යුතු බවය.

රාජපක්ෂවරුන්ට දක්වන විරෝධය හමුවේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වූ බැසිල්, චමල්, නාමල් සහ ශෂින්ද්‍ර නැවත වරක් කැබිනට් ඇමැති ධුර භාර ගැනීම සිදු නොකරන බවට ප‍්‍රකාශ කර ඇති බව ද අගමැතිවරයා පවසා ඇත. ඒ නිසා තමා ද සෙසු පක්ෂවලින් ඉල්ලා සිටින්නේ අන්තර් පාලන ආණ්ඩුවකට එක්ව පවතින ගැටලූවලට විසඳුම් ලබාදීමට එක්වන ලෙසය.

මෙහිදී පසුපෙළ මන්තී‍්‍රවරුන් රැසක් ප‍්‍රකාශ කර ඇත්තේ කැබිනට් මණ්ඩලය වෙනස් කළ පමණින් රට තුළ පවතින උද්ඝෝෂණ පාලනය කළ නොහැකි බවය. ඒ සඳහා ජනතාව මුහුණදී සිටින ආර්ථික ගැටලූ, ගෑස් සහ ඉන්ධන අර්බුදය, විදුලි කප්පාදුවට කඩිනම් විසඳුම් ලබාදුනහොත් ජනතා විරෝධය යම් දුරකට පාලනය කළ හැකි බවය.

මෙහිදී හිටපු ඇමැතිවරුන් රැසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ නැවත රසායන පොහොර භාවිතයට අවශ්‍ය අවසර ලබාදෙන ලෙසය. ආණ්ඩුවට එරෙහිව පළමු විරෝධතා රැුල්ල ගොඩනැඟුනේ රසායන පොහොර භාවිතය තහනම් කිරීම තුළින් බවත් ඔවුහු පවසා ඇත.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවය.

පාර්ලිමේන්තුවේ බහුතරය සම්බන්ධ ගැටලූවක් මතු වන්නේ නැති බවත් ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් පක්ෂ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වුවද එය බලපෑමක් නොවන බව ද මෙහිදී හිටපු ඇමැතිවරු කිහිප දෙනෙක් සඳහන් කර ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment