උද්ඝෝෂණ මැදින් කොවිඞ් වැඩි වුණොත් රට වහන්න වේවි – ජනපති කියයි

131
  • * විපක්‍ෂයෙන් බලාපොරොත්තු වූයේ මේක නෙවෙයි

රට විවෘත කර නව සාමාන්‍යකරණය යටතේ සියලූ කටයුතු ආරම්භ කර ඇති විට උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමෙන් නැවත කොවිඞ් පැතිරයෑමේ අවදානමක් පවතින බවත්, එසේ වුවහොත් රට යළි වසා දැමීමට සිදුවිය හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බැව් පැවසූවේ ඊයේ (10 දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවති ලෝක විμා දිනයට සමගාමීව ශ‍්‍රී ලංකාවේ ජාතික විμා දිනය හා විμා සතිය සැමරීම වෙනුවෙන් පැවති උත්සවයේදී ය. ‘හීනවලට පණදෙන වර්තමානය’ මැයෙන් මෙය සංවිධානය කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය.

විපක්‍ෂයෙන් මා අපේක්‍ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීමකි.

රට විවෘත කර නව සාමාන්‍යකරණය යටතේ සියලූ ක‍්‍රියාකාරකම් ආරම්භ කර තිබේ. එහෙත් උද්ඝෝෂණ සහ පෙළපාලි ඇතුළු විවිධ ක‍්‍රියාකාරකම් හේතුවෙන් නැවතත් කොවිඞ් පැතිර යෑමේ අවදානමක් පවතී. එමගින් නැවතත් රට වසා දැමීමට සිදුවිය හැකිය. ඉන් ජනතාවට සහ ආර්ථිකයට සිදුවන බරපතළ හානිය විරුද්ධ පක්‍ෂය අවබෝධ කර ගත යුතුයි.

තම ධුර කාලයෙන් වසර දෙකක් ගත වී තිබේ. එම කාලයේදී කොවිඞ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවිය. එදා ආණ්ඩු කළ විරුද්ධ පක්‍ෂය මෙම තත්ත්වය අවබෝධ කර ගත යුතුය. වසර පහක පාලන කාලයක වූ දුර්වලතා හා අසාර්ථකත්වය හේතුවෙන් ඔවුන් වෙනුවට මා ජනාධිපතිවරයා වශයෙන් ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබීය. එහෙත් අද විපක්‍ෂය කිසිදු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කනගාටුවට කරුණකි. මෙම ක‍්‍රමය වෙනසකට ලක්කිරීම රටේ අනාගතය වෙනුවෙන් වර්තමාන අවශ්‍යතාවයකි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment