උද්දච්ඡකම් පසෙක දමන්න

303

විපක්‍ෂය වගේම සමස්ත රට වැසියන් වත්මන් කොවිඞ් ව්‍යාප්තිය පාලනය කිරීමට සහාය දීමට සූදානම් යැයි ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17 දා) පැවසීය.

 නිවැරදි වෙලාවට ගත යුතු තීරණ නොගත් බැවින් මේ වනවිට කොවිඞ් ව්‍යාප්තිය හමුවේ රටම මළ ගෙයක් බවට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

 එබැවින් මෝඩ උද්දච්ඡුකම් පැත්තකින් තබා අපි තමයි හොඳටම කළේ යැයි නොකියා දැන්වත් ජාතික ව්‍යවසනකාරී තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කොට රට ආරක්‍ෂා කිරීමට නිවැරදි පියවර ගන්නා ලෙස මන්ත‍්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

 එන්නත්කරණය මෙම කොවිඞ් පාලනයට එකම පියවර නොවන බවත් ජාතික න්‍යාය පත‍්‍රයකට අනුව ක‍්‍රියා කරවීමට සමස්ත රටම පෙළගැස්විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

 ප‍්‍රමාද වී හෝ දැන්වත් නිවැරදි දේ කිරීමටත් වත්මන් කෝවිඞ් තත්ත්වය දෙස බැරෑරුම් ලෙස සහ ඕනෑකමින් බලා තීන්දු තීරණ ගත යුතු අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් කීය.


 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment