උද්ධමනයෙන් කප් ගහයි

218

ලොව ඉහළම උද්ධමනයක් වාර්තා වන රටවල් අතර ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට පත්ව තිබේ. ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ආහාර කාණ්ඩයේ ඉහළම උද්ධමනයක් වාර්තා වන රටවල් අතර ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට පත්ව ඇත. ලෙබනනයෙන් ඉහළම උද්ධමනය වාර්තා වන අතර, දෙවැනි ස්ථානය සිම්බාබ්වේ රාජ්‍යයටත්, තෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් හිමිව තිබේ.

තුර්කිය සිව්වැනි තැන රැඳී සිටියදී ශ්‍රී ලංකාවට පස්වැනි ස්ථානය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට පිටුපසින් දහවන ස්ථානය දක්වා ඉරානය, ආර්ජන්ටිනාව, සුරිනාම්, ඉතියෝපියාව හා මෝල්ඩෝවා රාජ්‍ය රැඳී සිටී.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment