උද්ධමනයෙන් 3 වැනි තැන තිබුණු ලංකාව රනිල් 13 ට ගෙනාවා – රුවන් විජයවර්ධන

105

ලෝකයේ වැඩිම උද්ධමනයක් පැවති රටවල් අතර ලංකාව 03 වැනි ස්ථානයේ තිබූ බවත්, මාස 06 ක් ඇතුළත එම තත්ත්වය 13 වැනි තැනට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රට අරාජිකව පැවැති වකවානුවේ රට භාරගෙන කටයුතු කරන ලෙස ඉල්ලීම් කරන විට විපක්‍ෂ නායක ඇතුළු විපක්‍ෂයේ දැන් හඬනඟන පිරිස් වගකීම් භාර නොගෙන දැන් බලය ඉල්ලන බවත් පෙරේදා (25 දා) මොනරාගල පැවති පක්‍ෂ බල මණ්ඩල රැස්වීමේදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එතෙක් අරාජිකව පැවති රට භාරගෙන ඉන්ධන සහ ගෑස් පෝලිම් නැති කළ බව ද දැන් රටට අවශ්‍ය වී තිබෙන්නේ ජනප්‍රිය නොවන තීන්දු ගන්නා නායකයකු වන අතර ඒ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද හෙතෙම පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර සම්පාදනය වූවාට පසුව නැවත ජාත්‍යන්තර විශ්වාසය ලැබෙන බවත්, ඉන්පසු ජපානය, චීනය, ඉන්දියාව, ප්‍රංශය ඇතුළු විවිධ රටවල සහාය ලබා ගත හැකි බවත් රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment