උද්ධමනය අද හෙටම අඛණ්ඩව පහළට – මහ බැංකුව අපේක්‍ෂා කරයි

377

නුදුරු කාලයේදී උද්ධමනය අඛණ්ඩව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ප්‍රධාන වශයෙන්ම මෑත කාලීනව සිදුකළ විදුලි හා ජල ගාස්තු සංශෝධන සහ එකතු කළ අගය මත බද්ද ඉහළ දැමීම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඉහළ ගියේය.

එහෙත් ඉදිරි කාලය තුළ උද්ධමනය අඛණ්ඩව පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්‍ෂා කරයි.

දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් සමස්ත ඉල්ලුම් පීඩනය අඩුවීම, දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්‍ෂිත වර්ධනයන්, ලෝක ආහාර සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩවල මිල ගණන් පහළ යෑම නිසා එවැනි මිල ගණන් අඩුවීම් කාලානුරූපීව දේශීය මිල ගණන් අඩුවීමට දායකවීම මෙන්ම හිතකර සංඛ්‍යාමය බලපෑම මැදිකාලීනව උද්ධමනය අඩුවීමට උපකාරී වනු ඇතැයි ද මහ බැංකුව තවදුරටත් පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ ඔක්තෝබර් මස මූල්‍ය ප්‍රතිපත්ති විවරණය මගින් මේ බව සඳහන් කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment