උද්ධමනය තව අඩුවෙයි

175

මේ වසරේ (2023) මුල් මාස පහේදී උද්ධමනය තවත් අඩුවී මේ වසර අවසන් වනවිට අපේක්‍ෂිත උද්ධමන මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්‍ෂා කරන බව මහ බැංකුව පවසයි.

මේ අනුව උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ප්‍රවණතාවක් අඛණ්ඩව සිදුවනු ඇතැයිද මහ බැංකුව පෙන්වා දෙයි.

උද්ධමනය ඉදිරි කාලය තුළ ඉහළ යෑමේ අවදානමක් මතු වුවහොත් එය සුදුසු ප්‍රතිප්තති ක්‍රියාමාර්ග තුළින් පාලනය කරන බවත් මේ වනවිට උද්ධමන අපේක්‍ෂා මනා ලෙස පාලනය වී ඇති බවත් මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

ගිය වසරේ (2022) ඔක්තෝබර් මස සිට උද්ධමනය පහළ යෑම අරම්භ විය.

අවශ්‍ය පරිදි ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගැනීම තුළින් සිය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඉදිරියටත් කැපවී සිටින බවද මහ බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment