උද්ධමනය පාලනයට බදු ආදායම වැඩි කරන්න

186

උද්ධමනය ඉහළ යෑම පාලනය කිරීමට, දූෂණ අවම කිරීමට සහ රජයේ මුදල් හිඟය අඩු කරගෙන බදු ආදායම් වැඩි කර ගැනීමට වහාම ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට නිර්දේශ කර ඇත.පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය සිය සාකච්ඡා නිම වීමෙන් පසු නිකුත් කළ නිල ප්‍රකාශයේ මේ බව සඳහන් වේ.

දැනට රජයේ ආදායම අඩු මට්ටමක පවතින බැවින් පුළුල් ප්‍රතිඵල ඇති වන බදු ප්‍රතිසංස්කරණ කඩිනමින් අවශ්‍ය බව ද ආර්ථික වර්ධනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් වන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ද ජාත්‍යනන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වේ. දැනටමත් ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සකස් කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බව ද ඔවුන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුකරගෙන යන බව ද එම අරමුදල කියයි.

අපට ලබාදීමට සැලසුම් කර ඇති විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් නුදුරේම නිලධාරි මට්ටමේ එකඟතාවකට එළඹීම අරමුණු කරගෙන ඉදිරියේදී සාකච්ඡා මාර්ගගත ක්‍රමය යටතේ අඛණ්ඩව සිදු කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නිල ප්‍රකාශය මගින් තවදුරටත් සඳහන් කර ඇත.ඉකුත් ජුනි 30 දින අවසන් වූ සාකච්ඡා වටයෙන් පසු කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කරගත හැකි වනු ඇතැයි රජයේ පාර්ශ්වයෙන් මීට පෙර පැවසුණ ද එය ඉටු කර ගැනීමට තවමත් නොහැකිව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment