උද්ධමනය 11.1% දක්වා ඉහළට

132

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය නොවැම්බර් මාසයෙදී සියයට 11.1 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

ඉකුත් ඔක්තෝබර් මස පැවැති උද්ධමනය සියයට 8.3ක් විය. මේ උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන්වල සිදුවූ මාසික ඉහළ යෑම් හේතු වූ බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මස පැවැති සියයට 11.7 සිට නොවැම්බර් මාසයේ දී සියයට 16.9 දක්වා ද ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මස පැවැති සියයට 5.4 සිට නොවැම්බර් මාසයේදී සියයට 6.2 දක්වාද ඉහළ ගොස් ඇත. නොවැම්බර් මස වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය 155.3 දක්වා සියයට 3.1 දක්වා ඉහළගොස් තිබේ.

නොවැම්බර් මාසයේදී ආහාර කාණ්ඩය තුළ එළවළු, සහල්, කිරිපිටි, ලොකු ලූනු, මාළු සහ කුකුල් මස් මිල ගණන් ඉහළ ගොස් තිබේ. එසේ ආහාර නොවන කාණ්ඩය තුළ ප‍්‍රධාන වශයෙන් ආපනශාලා හා හෝටල්, මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ යන අයිතමවල මිල ගණන් නොවැම්බර් මාසයේදී ඉහළගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment