උද්ධමනය 64.3% ට නගියි

217

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට  64.3 ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඉකුත් ජූලි මාසයේදී පැවැති කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 60.8 ක් විය.

මෙම උද්ධමනය වැඩිවීම සඳහා ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදුවූ මාසික ඉහළ යෑම හේතුවී ඇත.

මේ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූලි මාසයේ පැවැති සියයට 90.9 සිට අගෝස්තු මාසයේදී සියයට 93.7 ක් දක්වා ද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජූලි මාසයේදී පැවැති සියයට 46.5 සිට අගෝස්තු මාසයේදී සියයට 50.2 දක්වා ද ඉහළ ගොස් තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශක අගය ජූලි මස පැවැති ඒකක 230.1 සිට අගෝස්තු මාසයේදී ඒකක 235.8 දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

advertistmentadvertistment
advertistmentadvertistment