උද්ධමනය 69.8% දක්වා ඉහළට

93

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් අගෝස්තු මස පැවැති සියයට 64.3 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 69.8ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ඉකුත් අගෝස්තු මස වාර්තා වූ ඒකක 235.8ක් වූ කොළඹ පාරිභෝගික මිල දර්ශක අගය සැප්තැම්බර් මාසයේදී ඒකක 244.7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛක හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

සැප්තැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 94.9ක් දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 57.6ක් දක්වාද ඉහළ ගොස් ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment