උදාවන වසරේ ජීවිතය ජයගන්න සැලැස්මක්

2371

උදාවන වසර ඔබට කොහොමද? කියලා ලග්න පලාපල කියනවා හැමතැනින්ම ඇහෙනවා. අපි හිතුව මේ කාරණේ ගැන තව ටිකක් එහාට හිතන්න ඕන කියලා. ලග්න පලාපලවලින් කියන්නේ සිදුවිය හැකි දේ ගැන අනාවැකි කීමයි. අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උදාවන වසරේ ඔබට කර ගන්න ඕන කරන දේ සාර්ථක කර ගැනීමට සැලැස්මක් ඉදිරිපත් කිරීමයි. උපන් ලග්නය අනුව ඔබේ අරමුණ ඉටුකර ගන්න කළ යුතු වැඩ පිළිවෙළ අපි බලමු.

පළමුවෙන්ම කිව යුත්තේ 2022 වසර ඇතුළත ඉටුකර ගන්න යම් අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඔබට තිබිය යුතුයි. අරමුණක් නැත්නම් සාර්ථක වෙන්නේ මොකක්ද? ඔබට නිවසක් හදන්න, විවාහයක් වෙන්න, නැත්නම් දරුවන්ගේ දියුණුවට කරන දේ, ව්‍යාපාරයන් ආරම්භ කිරීම වැනි අරමුණු ඇති පළමුව මේ අරමුණු සටහන් කරගන්න. ඒවාට සුදුසුම කාලයත් කළ යුතු ප‍්‍රතිකර්මත් අපි සාකච්ඡුා කරමු.

මේෂ

ඔබ ඉපදුණේ රාශි චක‍්‍රයේ පළමු රාශියවන මේෂ ලග්නයෙන් නම් ජනවාරි 16 දක්වා ලග්නපති කුජ 8 වැන්නේ දුර්වලව ගමන් කරන කාලය ශුභ කටයුතුවලට සුදුසු මදි. ජනවාරි 16 මාර්තු 14 අතර විශේෂ සුබ කටයුතු ආරම්භයට සුදුසුයි. නව ව්‍යාපාර ආරම්භය ගමනාරම්භය, විවාහය වගේ දේවල්වලට ශුභ නැකත් යෙදෙනවා. ඔබේ භාග්‍යස්ථානාධිපති ගුරු බලවත්ව ගමන් කරන අපේ‍්‍රල්වලට පෙර සියලූ වැදගත් කටයුතු ආරම්භය සුබයි. මංගල සූත‍්‍රය භාවිත කරන්න.

සුබ දින- බ‍්‍රහස්පතින්දා අ`ගහරුවාදා
සුබපාට කහ, රෝස, නිල්
සුබ අංකය 3, 5 සුබ මැණික්- රතු කොරල්

වෘෂභ

පෙබරවාරි 13 අපේ‍්‍රල් 13 අතර රවි බලවත්ව ගමන් කරන කාලය ඔබේ සුබ කටයුතු ආරම්භයට සුබයි. ඒ කාලය නව ව්‍යාපාර ආරම්භයට විවාහයට වුණත් සුබයි. ගුරු එකොළහේ බලවත් වන්නේ අපේ‍්‍රල් 13 දිනට පසුවයි. නමුත් මැයි 14 පසුව උදාවන කාලය ඔබේ විවාහයට ශුභ නැකත් යෙදෙනවා. ඔක්තෝබර් 2 ඔක්තෝබර් 26 අතර කාලය ඔබේ අධ්‍යාපන කටයුතුවලට ඉතා සුබ නැකත් යෙදෙනවා. වෘෂභ හිමි දරුවන්ට අකුරු කියවීමටත් ඒ කාලය සුබයි. ව්‍යාපාරවලටත් සුබයි. වසර මුලදීම ආලෝක පූජාවන් කරන්න. ඇස් කණ්ණාඩියක් පරිත්‍යාග කරන්න. සූරිය පිරිත භාවිත කරන්න.

සුබ දින- සිකුරාදා, බදාදා, සෙනසුරාදා,
සුබපාට- මිශ‍්‍රළා/කොළ
සුබ අංක 4, 6, 7 සුබ මැණික්- දියමන්ති.

මිථුන

ඔබට උදාවන වසරේ අපේ‍්‍රල් දක්වා ශනි ඒරාෂ්ටක අපලය අග කොටස තියෙනවා. මේ නිසා දන් දීම, ශ‍්‍රී විෂ්ණු දෙවියන්ට භාරවීම, වැනි ශාන්ති කර්ම කර ගැනීම වැදගත් වෙනවා. ජුලි 2 ජුලි 22 අතර බුධ බලවත් වන කාලය සුබ කටයුතු ආම්භයට ශුභයි. ඔක්තෝබර් 2-26 අතර විශේෂයෙන් අකුරු කියවීම, ව්‍යාපාර ආරම්භය, ආදියට සුබ නැකත් යෙදෙනවා. අපේ‍්‍රල් 27 – මැයි 23 අතර සිකුරු උච්චව ගමන් කරන කාලයත් සුබදායකයි. සියලූ සුබ කටයුතු මේ විදිහට සැලසුම් කරගන්න. විවාහය, ගෘහාරම්භ වගේ දේවල් අපේ‍්‍රල් දක්වා ඒ තරම්ම සුබ නැහැ. කරණීය මෙත්ත සූත‍්‍රය භාවිත කරන්න.

සුබ දින – බ‍්‍රහස්පතින්දා , බදාදා,
සුබ පාට- කහ තැඹිලි, ළා කොළ
සුබ අංක- 4,5 සුබ මැණික්- පච්ච

කටක

කටක ලග්න හිමියන්ට වසරේ අපේ‍්‍රල් දක්වා මිශ‍්‍රඵල දායකයි. ගුරු අටවැන්නේ ගමන් කරන නිසා අවිවේකය සෙම් රෝග වැනි අපල පැවැතිය හැකියි. වසර ආරම්භයේ දීම ඖෂධ පූජාවන් කරන්න. අටපිරිකර පූජාවන් හොඳයි. අපේ‍්‍රල් 15 සිට ජුනි 15 දක්වා විශේෂ සුබ කටයුතු ආරම්භයට සුබ නැකත් යෙදෙනවා. නිවාස ආරම්භය , විවාහය, ව්‍යාපාර ආදියට සුබයි. ඔක්තෝබර් මාසයේ අකුරු කියවීම ව්‍යාපාර ආරම්භයට ගිවිසුම් අත්සන් කිරීම ආදියට සුබයි. සැලසුම් කරගන්න.

සුබ දින- සඳුදා, අ`ගහරුවාදා, ගුරුදා,
සුබ පාට -කහ ,රෝස,
සුබ අංක- 2,5,3
සුබ මැණික්- මුතු, චන්ද්‍රකාන්ත

සිංහ

උදාවන වසරේ මුල් කාලයත් ඔබට සුබදායකයි. සඳු දශා ගත කරන අයට වියදම් ඉහළ යා හැකියි. වසර ආරම්භයේම බුද්ධ පූජා තබා කිරි අම්මාවරුන්ට දානයන් දීම ශුභයි. චන්ද පිරිත භාවිත කරන්න. වියදම් පාලනය කරගන්න. අපේ‍්‍රල් 15 සිට ජුලි 16 දක්වා ලග්නාධිපති බලවත්ව ගමන් කරන කාලය සුබයි. නමුත් විවාහ කටයුතු වගේම ගෘහාරම්භ කටයුතුත් අපේ‍්‍රල් 13ට පෙර සිදු කර ගැනීම සුබයි. ඉන් පසුව ගුරු අටවැන්නේ ගමන් කරන නිසා ඖෂධ පූජා තියන්න. ධජග්ග සූත‍්‍රය භාවිත කරන්න. විශේෂ සුබ කටයුතු අපේ‍්‍රල්වලට පෙර ආරම්භ කිරීම සුදුසුයි.

සුබදින- ඉරිදා, බදාදා, කුජදා,
සුබ පාට රෝස, ළාකොළ සුදු,
සුබ අංක- 1, 3, 4,
සුබ මැණික්- පද්මරාග

කන්‍යා

වසර ආරම්භයේ ගෘහ ජීවිතය සතුටුදායකයි. ඒ උනත් ගුරු හයවැන්නේ ගමන් කරන නිසා අපේ‍්‍රල් මැද දක්වා තරමක බාධා සෞඛ්‍ය ගැටලූ වගේ දේවල් තියෙන්න පුළුවනි. අවිවාහක කන්‍යා ලග්න හිමි තරුණ තරුණියන්ට විවාහ වීම සඳහා අපේ‍්‍රල් 13 පසුව ගුරු මාරුවීම ශුභයි. මැයි ජුලි මාස ගැළපෙනවා. සැප්තැම්බර් 24 ඔක්තෝබර් 18 අතර කාලය සුබ කටයුතු යොදා ගන්න එපා. ඔක්තෝබර් 2-18 අතරත් ජුලි 2-22 අතරත් විiාරම්භයටශුභ නැකත් යෙදෙනවා. සැලසුම් කරගන්න.

සුබ දින- බදාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ පාට කොළ/කහ
සුබ අංක- 4, 5, 6 සුබ මැණික් -පච්ච.

තුලා

උදාවන වසර මුල් කාලය මිශ‍්‍රපල දායකයි. අපේ‍්‍රල් දක්වා රාහු දුර්වලව ගමන් කරන නිසා හිතේ චංචල බව, උදරාබාධ ආශ‍්‍රිත හිසේ රෝග වැනි අපල ඇතිවිය හැකියි. මේ නිසා බුද්ධ පූජා තබා ශ‍්‍රී විෂ්ණු දෙවියන්ට භාරවීම, චන්ද පිරිත භාවිත කරීම සුබයි. රාහු දශා ගත කරන අයට විශේෂ සුබ කටයුතු අපේ‍්‍රල් 12 දක්වා ශුභ මදි. ඉන් පසුව යොදාගන්න බලන්න. අකුරු කියවීමට ජුලි 2-22 අතර සුබයි. නමුත් අපේ‍්‍රල් මැද දක්වාත් ගුරු බලවත්ව ගමන් කරන නිසා සුබයි. ජුලි 16 සැප්තැම්බර් 16 අතර විශේෂ සුබ කටයුතුවලට සුබ නැකත් යෙදෙනවා. සුබ දින- බදාදා, සිකුරාදා, ශනිදා

සුබ පාට -කොළ මිශ‍්‍රළා පාට
සුබ අංක- 4, 6, 7
සුබ මැණික්- දියමන්ති

වෘෂ්චික

ලග්නපති බලවත්ව ගමන් කරන වසර ආරම්භයේ උනත් ඔබට සුබ කටයුතු යොදාගන්න පුළුවනි. බාධා ජයගන්න තරම් ශක්තියක් තියනවා. නමුත් අපේ‍්‍රල් මැද සිට විශේෂයෙන්ම සුබයි. එවිට විවාහ කටයුතු නිවාස ආරම්භය, ව්‍යාපාර ආරම්භය ආදියට සුබ කාලයක් උදාවෙනවා. අගෝස්තු 17 සිට උදාවන මාස දෙකක පමණ කාලය නව ව්‍යාපාර ආරම්භය විiාරම්භය ආදියට සුබ නැකත් උදාවෙනවා. බුද්ධ පූජා තබා කිරි අම්මාවරුන්ට දන්දීම, පත්තිනි දේව පූජා, චන්ද පිරිත භාවිතය සුබයි.

සුබදින- සඳුදා, අ`ගහරුවාදා, ගුරුදා
සුබ පාට- සුදු, රෝස , කහ
සුබ අංක- 2, 3, 5
සුබ මැණික් -රතුපාට

ධනු

වසර මුලදී කුජ දොළහේත් ගුරු තුනේත් ගමන් කරන නිසා තරමක බාධා පවතිනවා. අනතුරුවලින් ප‍්‍රවේශම් වෙන්න. පූජා තබා මංගල සූත‍්‍රය චන්ද පිරිත භාවිත කිරීම මැනවි. ගුරු බලවත්වන අපේ‍්‍රල් 13 පසුව සුබ කටයුතු යොදා ගැනීම උචිතයි. අපේ‍්‍රල් මැයි, අගෝස්තු සැප්තැම්බර් මාස විවාහය, නිවාස කටයුතු විiාරම්භය හෝ ව්‍යාපාර ආරම්භයට සුබයි. ඔක්තෝබර් 2-26 අතරත් ජුලි මාසයේත් අකුරු කියවීම නව ව්‍යාපාර ආරම්භයට සුදුසුයි. වසර මුලදීම ඖෂධ පූජාවක්, චතුමධුර පූජාවක් තබා සෙත්පතා ගන්න. අන්තරාය නිවාරන පිරිත භාවිත කරන්න. දිනපතා මෙත් වඩන්න.

සුබ දින -ඉරිදා, බ‍්‍රහස්පතින්දා,
සුබ පාට- කහ, කොළ
සුබ අංක- 1, 5, 4
සුබ මැණික්- පුෂ්පරාග

මකර

ලග්නපති ශනි ලග්නගතව ගමන් කරන මේ වසර ඔබට සුබයි. නමුත් මුල් මාසයක පමණ කාලය ඌෂ්ණාධික රෝග අධික වියදම් වැනි ගැටලූ පවතින බව පේනවා. වසර මුලදීම ආලෝක පූජාවන් කරන්න. නැතිනම් ඇස් කණ්ණාඩියක් පරිත්‍යාග කරන්න. සූරිය පිරිත භාවිත කරන්න. මාර්තු 14 සිට උදාවන මාසය නව ව්‍යාපාර ආරම්භයටත් විවාහ කටයුතුවලටත් සුබයි. කෝණ මාසය නිසා විවාහයට නම් ඔක්තෝබර් නොවැම්බර් වඩාත් සුදුසුයි. ඒ කාලය විiාරත්නයටත් ශුභයි. ජුනි 18 ජූලි 29 අතර සිකුරු බලවත්ව පහේ ගමන් කරන නිසා සුබ කටයුතුවලට ගැළපෙනවා.

සුබ දින – බදාදා, සිකුරාදා, ශනිදා
සුබ පාට -ළාකොළ, නිල්
සුබ අංක -4, 7, 6
සුබ මැණික් -නිල් මැණික්

කුම්භ

වසර ආරම්භය මිශ‍්‍රපලදායකයි. නමුත් ඔබට ගත වෙමින් පවතින ශනි ඒරාෂ්ටක අපල කාලය අපේ‍්‍රල් අගදී අවසන් වෙනවා. ඉන්පසුව සුබ කටයුතුවලට වඩාත් ගැළපෙනවා. නව ව්‍යාපාර ආරම්භ කිරීමට මැයි මාසය වනවිට ඉතා සුබ නැකත් යෙදෙනවා. මැයි මාසය මුලදී විවාහ කටයුතුවලටත් ගෘහ නිර්මාණ කටයුතුවලටත් සුබදායකයි. අකුරු කියවීමට ජුලි 2-22 අතර සුබ නැකත් උදා වෙනවා. මේ විදිහට සැලසුම් කරන්න. වසර මුලදීම පූජා තබා ශ‍්‍රී විෂ්ණු දෙවියන්ට භාර වෙන්න. සුදුසු යන්ත‍්‍රයන් පළඳින්න. යාචක/මහලූ අයට දන් දෙන්න. මෙත්තානිශංස සූත‍්‍රය භාවිත කරන්න.

සුබ දින- බ‍්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ පාට -කහ, නිල්, මිශ‍්‍රළා වර්ණ
සුබ අංක- 5, 6, 7
සුබ මැණික් -නිල් මැණික්

මීන

ඔබට වසර මුලදී මිශ‍්‍රපල දායකයි. දැනට ලග්නාධිපති ගුරු දුර්වලව ගමන් කිරීම අපේ‍්‍රල් 13 සිට නිමා වෙනවා. ඒ නිසා වසර මුදල දීම බුද්ධ පූජා තබා ඖෂධ පූජාවන් කරන්න. චතුමධුර, ඖෂධ අටපිරිකර පූජා තබා දෙවියන්ට පින්දී සෙත්පතා ගන්න. විශේෂ සුබ කටයුතුවලට අපේ‍්‍රල්්වලින් පසුව යොදා ගැනීම මැනවි. මැයි 14 ජුනි 14 අතරත් අපේ‍්‍රල් 27 මැයි 23 අතරත් ශුභ නැකත් උදාවෙනවා. මීන හිමි දරුවන්ට අකුරු කියවීමට හා අන් අයගේ විශේෂ අධ්‍යාපන කටයුතු ආරම්යටත් ජුලි හා ඔක්තෝබර් මාසවල සුබ නැකත් යෙදෙනවා. මේ විදිහට සැලසුම් කරගන්න.

සුබ දින- අ`ගහරුවාදා, බ‍්‍රහස්පතින්දා,
සුබ පාට -රතු, කහ,
සුබ අංක- 3,5
සුබ මැණික් – පුෂ්පරාග

උදාවන වසර ඔබට ජයක්ම වේවා

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
දු. අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment