උදාවන සතියේ ඔබේ දෛවය… අගෝස්තු 8 සිට

3855

මේෂ

උදාවන සතියේ ඔබේ දෛවය… අගෝස්තු 8 සිට

දූ දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගැනීම අපහසු නොවේ. දරුවකු වෙනුවෙන් අමතර වෙහෙසක් දරන්නට සිදුවන බව ද පෙනේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. මුදල් යොදවා කරන ව්‍යාපාරවලදී දුරදිග බලා කටයුතු කිරීම මැනවි. බලාපොරොත්තු වූ ණය මුදලක් ලබා ගැනීමට පහසුකම් සැලසේ. සේවක පක්ෂයේ සහයෝගය ලැබෙන නිසා ව්‍යාපාර හා රැකියා කටයුතු සාර්ථක කරගත හැකි වේ. තරමක කාර්යබහුල තත්ත්වයක් ද පවතී. රුධිරගත සීනි මේදය වැනි අසනීපවලින් ප‍්‍රවේශම් වෙන්න. දිනපතා අන්තරාය නිවාරණ පිරිත භාවිතා කරන්න.

සුබ දින – බදාදා, සුබ වර්ණය – රෝස, ජය අංක – 3

වෘෂභ ලග්නය

උදාවන සතියේ ඔබේ දෛවය… අගෝස්තු 8 සිට

ගෘහ ජීවිතය මිශ‍්‍රපලදායකයි. ඉක්මනින් කටයුතු කිරීමට යෑම සහ හදිසි කෝපය නිසා පවුලේ අය අතර අමනාපකම් ඇති වීමට ඉඩ තිබේ. ඉවසීමෙන් කටයුතු කරන්න. පෙම් සබඳතා ස්ථර කර ගැනීම හෝ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට සුබදායකයි. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. දරුවන් ගැන සිතා සතුටු විය හැකි වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාගවලින් සමාර්ථ වේ. බිරිඳ හෝ සැමියාට ද සුබදායකයි. සෙම් රෝග, වාතාබාධ වැනි අසනීපවලින් ප‍්‍රවේශම් වෙන්න. කරණිය මෙත්ත සූත‍්‍රය කියා ටික වේලාවක් මෙත් වඩන්න.

සුබ දින – බදාදා, සුබ වර්ණය – ලා කොළ, ජය අංක – 4

මිථුන ලග්නය

උදාවන සතියේ ඔබේ දෛවය… අගෝස්තු 8 සිට

ගෘහ ජීවිතය සතුටුදායකයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. නැවතී තිබූ කටයුතු ආරම්භ වේ. මවුපියන් දූ දරුවන් සමග සතුටින් කලය ගත කිරීමට අවස්ථා උදා වේ. සතිය මුලදී අඹු – සැමි අමනාපකමක් ඇතිවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. උත්සාහය, උනන්දුව, ධෛර්ය නොඅඩුව පවතින නිසා බොහෝ දේ සාර්ථක කරගත හැකි වේ. ප‍්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් ද යෙදේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. සහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක් ලැබේ. රුධිරගත සීනි, කොලෙස්ටරෝල් වැනි අසනීප ඇති නම් ප‍්‍රවේශම් වෙන්න. ජය පිරිත කීම හෝ ශ‍්‍රවණය කිරීම දිනපතා කරන්න.

සුබ දින – බදාදා, සුබ වර්ණය – ලා කොළ, ජය අංක – 4

කටක ලග්නය

උදාවන සතියේ ඔබේ දෛවය… අගෝස්තු 8 සිට

සන්නිවේදන කටයුතු හෝ ලිපි ලේඛන පිළිබඳ කටයුතු කරන අයට මේ සතිය විශේෂයෙන්ම සුබපලදායකයි. පොරොන්දු ගිවිසුම් අත්සන් කිරීමට සුබ නැකත් යෙදේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. අසල්වාසීන් සමග සුහදතාවය වර්ධනය වේ. උනන්දුව ඉහළ යයි. විදේශ ගමනක් යෑමට තිබූ බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමට පහසුකම් සැලසේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාගවලින් සමාර්ථ විය හැකි වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. වියදම් ඉහළ යන බව ද පෙන්වයි. වියදම් පාලනය කර ගන්න. චන්ද පිරිත කියා ටික වේලාවක්වත් මෙත් වැඩිම සුබපල ලැබීමට හේතුයි.

සුබ දින – බ‍්‍රහස්පතින්දා, සුබ වර්ණය – කහ, ජය අංක – 5

සිංහ ලග්නය

උදාවන සතියේ ඔබේ දෛවය… අගෝස්තු 8 සිට

ගෘහ ජීවිතය සාමකාමීව හා සතුටින් ගත කිරීමට අවස්ථා උදා වේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආයෝජනවලින් ලාභ ලැබේ. සාකච්ඡා මාර්ගයෙන් ගැටලූ නිරාකරණය කරගත හැකි වේ. ආදායම් මාර්ග ද සතුටුදායකයි. රැකියා හෝ ව්‍යාපාර අංශවල බාධා ඉවත් වේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනීම සාර්ථක වේ. අකුරු කියවීමට නිසි වයස ලැබූ දූ දරුවන්ට අකුරු කියවීමට සුබ නැකත් යෙදේ. අලූත් අධ්‍යාපනයක් ආරම්භ කිරීම හෝ විභාගයකට ඉල්ලූම් කිරීමට ද සුබදායකයි. සතිය මුලදී සෙම් රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. සූරිය පිරිත හෝ චන්ද පිරිත භාවිතා කරන්න.

සුබ දින – බදාදා, සුබ වර්ණය – රෝස, ජය අංක – 3

කන්‍යා ලග්නය

උදාවන සතියේ ඔබේ දෛවය… අගෝස්තු 8 සිට

ව්‍යාපාර හෝ රැකියා කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකියි. උසස් අයගේ උදව් උපකාර ලැබේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීමක් ලැබීමට ද ඉඩ තිබේ. බිරිඳ හෝ සැමියාට ද සුබදායක වේ. අධ්‍යාපන කටයුතු කරන කන්‍යා ලග්න හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. අකුරු කියවීමට ද සුබ නැකැත් යෙදේ. ගෘහ ජීවිතය මිශ‍්‍රපලදායකයි. සතිය මුලදී නිවසේ වැඩිහිටියකුට අපලයක් පෙන්වයි. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කරගත හැකි වේ. විනෝදයට බරවීම නිසා දියුණුවට කරන කටයුතුවලට බාධා ඇති වීමට ඉඩ තිබේ. විනෝදය පාලනය කර ගන්න. චන්ද පිරිත කියන්න.

සුබ දින – බදාදා, සුබ වර්ණය – ලා කොළ, ජය අංක – 4

තුලා ලග්නය

උදාවන සතියේ ඔබේ දෛවය… අගෝස්තු 8 සිට

උසස් අයගේ උදව් උපකාර ලැබේ. යහපත් මිතුරු මිතුරියන් සමග සතුටින් කාලය ගත කරන්නට අවස්ථා උදා වේ. උසස් අය හඳුනා ගැනීමට ද හැකියාව ලැබේ. රැකියා හෝ ව්‍යාපාර අංශවල බලාපොරොත්තු ඉටු වේ. ආදායම යහපත් වේ. සහෝදරයකුගේ රැකියා ප‍්‍රශ්නයකට විසඳුමක් ලැබෙනවා ඇත. විදේශ ගමන් හෝ විදේශ රැකියා බලාපොරොත්තු ඉටුකර ගැනීමට පහසුකම් සැලසේ. දුර ගමනක් යෑමට ද ඉඩ තිබේ. බිරිඳ හෝ සැමියාට මිශ‍්‍රපලදායකයි. විනෝදය පාලනය කර ගන්න. ස්නායුගත රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. කරණීය මෙත්ත සූත‍්‍රය භාවිතා කිරීම මැනවි.

සුබ දින – ඉරිදා, සුබ වර්ණය – දිලෙන සුදු, ජය අංක – 1

වෘශ්චික ලග්නය

උදාවන සතියේ ඔබේ දෛවය… අගෝස්තු 8 සිට

ව්‍යාපාර හෝ රැකියා පිළිබඳ සතුටුදායක තත්ත්වයන් පෙන්වයි. උසස් අයගේ උදව් උපකාර ලැබේ. රැකියාවන් නැතිව සිටි අයට නව රැකියා අවස්ථා උදා වෙනවා ඇත. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීමක් ලැබීමට ඉඩ තිබේ. සමාජයේ තිබූ ගෞරවය හා පිළිගැනීම ඉහළ යයි. ආදායම් තත්ත්වය ද සතුටුදායකයි. යහපත් හිත මිතුරන් සමග සතුටින් කාලය ගත වේ. සහෝදරයකුට සුබදායකයි. සතිය ආරම්භයේදී අමතර වියදමක් යෙදෙන්නට ඉඩ තිබේ. වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න. චන්ද පිරිත භාවිතා කිරීම සුබදායකයි.

සුබ දින – ඉරිදා, සුබ වර්ණ – සුදු, කී‍්‍රම්, ජය අංක – 1

ධනු ලග්නය

උදාවන සතියේ ඔබේ දෛවය… අගෝස්තු 8 සිට

ගෘහ ජීවිතය මිශ‍්‍රපලදායකයි. නිතර නිවසින් බැහැරව යෑමට සිදුවන අවස්ථා උදා වේ. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට පහසුකම් සැලසේ. සතිය මුලදී සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලූවලින් ප‍්‍රවේශම් වෙන්න. රැකියා හෝ ව්‍යාපාර අංශවල තත්ත්වය සතුටුදායක වේ. ලේඛක, සන්නිවේදන ආදී අංශවල කටයුතු කරන අයට විශේෂ සුබපල ලැබේ. ආගම දහමට හිත යොමු වේ. පිංකමකට සහභාගි වීමට අවස්ථා උදා වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ශරීර සෞඛ්‍යය රැක ගැනීමට උනන්දු වෙන්න. කරණීය මෙත්ත සූත‍්‍රය භාවිතා කරන්න.

සුබ දින – ඉරිදා, බදාදා, සුබ වර්ණය – දිලෙන සුදු, ජය අංක – 1

මකර ලග්නය

උදාවන සතියේ ඔබේ දෛවය… අගෝස්තු 8 සිට

ගෘහ ජීවිතය සුබාසුබ මිශ‍්‍රපලදායක තත්ත්වයන් පෙන්වයි. රැකියා කටයුතු සාර්ථක කර ගත හැකි වේ. නමුත් විනෝදයට බරවීම නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා විය හැකියි. ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. විභාගවලින් සමර්ථ වේ. විදේශ රටක අධ්‍යාපනයක් ලැබීමට තිබූ අදහසක් ඉටුකර ගැනීමට පහසුකම් සැලසේ. සතිය මුලදී විවාහ සහකරුට තරම අපල බවක් පෙන්වයි. මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට සතිය මුලදී එතරම් යහපත් නැත. සමාජ සේවාවකට හෝ පිංකමකට සහභාගි වීමට අවස්ථා උදා වේ. ඌෂ්ණාධික රෝග හා අනතුරුවලින් ප‍්‍රවේශම් වෙන්න. දිනපතා සූරිය පිරිත කීම සුබදායකයි.

සුබ දින – බදාදා, සුබ වර්ණය ලා – කොළ, ජය අංක – 4

කුම්භ ලග්නය

උදාවන සතියේ ඔබේ දෛවය… අගෝස්තු 8 සිට

රැකියා හෝ ව්‍යාපාර අංශවල සතුටුදායක තත්ත්වයන් පෙන්වයි. අන් අයගේ සහයෝගය ලැබෙන නිසා රැකියා කටයුතු සාර්ථක කර ගැනීම අපහසු නොවේ. සේවක පක්ෂයේ උදව් ලැබේ. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. එවැනි අය හඳුනා ගැනීමට ද අවස්ථා උදා වේ. ආදායම් යහපත්ය. මේ අතර ගෙදර දියුණුවට කරන කටයුතුවලට තරමක බාධා පවතී. අඹු – සැමි අමනාපකම් ඇති විය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. ලිපි ලේඛනවලට අත්සන් කරන විට දුරදිග බලා කරන්න. ස්නායුගත රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. චන්ද පිරිත භාවිතා කිරීම මැනවි.

සුබ දින – ශනිදා, ගුරුදා,

සුබ වර්ණය – නිල්, ජය අංක – 7

මීන ලග්නය

උදාවන සතියේ ඔබේ දෛවය… අගෝස්තු 8 සිට

බිරිඳ හෝ සැමියාට සුබපලදායකයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ. පෙම් සබඳතා ස්ථිර වේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. කරන කියන බොහෝ දේ සාර්ථක කර ගැනීමට අන් අයගේ උදව් උපකාර ලැබේ. රැකියා හෝ ව්‍යාපාරවලදී සුළු සුළු බාධා ඇතත් ඒවා ජයගත හැකි වේ. මීන හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අලස බව හා වැඩ කල්දැමීම බාධා විය හැකිය. උනන්දුවෙන් කටයුතු කරන්න. උසස් අයගේ උදව් ලැබේ. බලාපොරොත්තුවෙන් සිටි ණය මුදලක් ලබා ගැනීමට පහසුකම් සැලසේ. ආගම දහම කෙරෙහි වෙනදාට වඩා හිත යොමු වේ. දරුවන්ගේ දියුණුව සැලසේ. දිනපතා අන්තරාය නිවාරණ පිරිත භාවිතා කිරීම මැනවි.

සුබ දින – බ‍්‍රහස්පතින්දා, සුබ වර්ණය – කහ, ජය අංක – 5

advertistmentadvertistment
advertistmentadvertistment