උදාවන සතියේ ඔබේ දෛවය

1036

ජනවාරි 09 දා සිට

මේෂ

සතිය මුලදී ගෘහ ජීවිතයට යම් යම් බාධා තිබුණත් පසුව ඒ තත්ත්වය සුව අතර හැරේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. බිරිඳ හෝ සැමියාගේ දියුණුවට කරුණු යෙදේ. සති අන්තය ආදායම් සතුටුදායක වනවා ඇත. යහපත් මිතුරන්ගේ ඇසුර ලැබේ. රැුකියා ව්‍යාපාර අංශවල සේවක සහයෝගය ලැබේ. කුජ දශා ගත කරන අයට තරමක් බාධා පවතී. රෝගයකුට උපකාර කරන්න.

සුබ පාට කහ තැඹිලි සුබ අංකය 5

වෘෂභ

උත්සාහය ධෛර්යය පවතින නිසා බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකි වේ. ආදායම් සතුටුදායකයි. රැුකියා ව්‍යාපාර සාමකාමීව සිදුවේ. විනෝදාංශවලට උවමනාවට වඩා යොමු වීම නිසා දියුණුවට බාධා විය හැකියි. මංගල යෝජනාවලට එතරම් සුබ නොවේ. බිරිඳ හෝ සැමියාට සුබයි. ව්‍යාපාරවලට මුදල් යෙදවීමේදී කල්පනාකාරී වෙන්න. පහන් පූජාවක් කරන්න. රවි දශා තරමක් අපලයි. ඌෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න.

සුබ පාට සුදු, ක‍්‍රීම් සුබ අංකය 2.

මිථුන

රැකියා හෝ ව්‍යාපාර අංශවල සතුටුදායක බවත් පෙනේ. දියුණුවට කරන කටයුතු උදෙසා නිතර ගමන් බිමන් යෙදේ. සමාජයේ කැපී පෙනේ. සමාජ සේවාවකට සම්බන්ධ වීමට හැකි වේ. විවාහ සහකරුට සුබයි. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. වැදගත් තීරණ ගන්නාවිට ඒ පිළිබඳව දැනුමැති කෙනකුගේ උපදෙස් ලබා ගන්න. ශනි දශා අතුරු දශා ගත කරන අයට තරමක් අපලයි. ඖෂධ පූජාවන් කරන්න. සෙම්රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න.

සුබ පාට සුදු සුබ අංකය 2.

කටක

ගත වූ දින දෙක තුනට වඩා සතුටුදායක බවත් සතිය මුලදීම ඇති වේ. ගැටලූවලට විසඳුමක් ලැබේ. අසනීප තත්ත්වයන් තිබුණේ නම් සුව අතට හැරේ. ආගම දහමට හිත යොමු වේ. අධ්‍යාපන කටයුතු සතුටුදායක වේ. සේවක සහයෝගය ලැබෙන නිසා රැුකියා ව්‍යාපාර සාර්ථක කරගත හැකිවේ. දරුවකුගේ දියුණුවක් ගැන අසන්නට ලැබේ. උත්සාහය වැඩි වේ. උසස් අයගේ උදව් ලැබේ. ගුරු දශා තරමක් අපලයි. ස්වාමීන් වහන්සේ නමකට පූජාවන් කරන්න.

සුබ පාට සුදු, ක‍්‍රීම් සුබ අංකය 2.

සිංහ

ගෘහ ජීවිතයේ දියුණුවට ඇති උනන්දුව වැඩි වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකියි. ගෙදර දියුණුවට කරන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. ව්‍යාපාර හා රැුකියා අංශවල සේවක සහයෝගය ලැබේ. සතිය මුලදී සෙම්රෝග වැනි අසනීපවලින් ප‍්‍රවේශම් වෙන්න. බිරිඳ හෝ සැමියාට සුබයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ. නිතර ගමන් බිමන්ද යෙදෙන බව පෙනේ. විදේශ සබඳතා මත කරන කටයුතුවලට සුබයි. සඳු දශා තරමක් අපලයි. ඔසුපැන් පූජාවන් කරන්න.

සුබ පාට දිලෙන සුදු සුබ අංකය 1.

කන්‍යා

පවුලේ සාමාජිකයන් සමග සතුටින් කාලය ගත වේ. මවුපියන්ට සුබදායකයි. ස්වයං රැුකියා හෝ ගෘහාශ‍්‍රිත කර්මාන්තවලට ඇති බාධා ඉවත් වේ. උත්සාහය උනන්දුව වැඩි වේ. සහෝදරයකුට සුබයි. ආදායම් තත්ත්වය සතුටුදායක නමුත් ගෙදර වියදම් ඉහළ යන බව පෙනේ. වියදම් පාලනය කර ගැනීමට උනන්දු වෙන්න. සතිය මැද දී සෙම් රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබිය හැකියි. උනන්දු වෙන්න.

සුබ පාට මිශ‍්‍රළා පාට සුබ අංකය 6.

තුලා

උදාවන සතියේ උත්සාහය හා උනන්දුව නොඅඩුව පවතී. මේ නිසා බාධා ජය ගැනීම අපහසු නොවේ. ප‍්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් යෙදේ. ලිපි ලේඛන පිළිබඳ කටයුතුවලට සුබයි. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකියි. දරුවන් පිළිබඳව සිතා සතුටු විය හැකි වේ. සේවක සහයෝගය ලැබේ. ණය මුදලක් ලබා ගැනීමට තිබූ බලාපොරොත්තුවක් ඉටු වේ. රාහු දශා ගතකරන අයට හිතේ චංචල බව උදරාබාධ ආශ‍්‍රිත හිසේ රෝග වැනි අසනීප ඇති විය හැකියි. කෙටි භාවනාවන් කරන්න.

සුබපාට මිශ‍්‍රළා සුබ අංකය 6

වෘශ්චික

අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර කරගැනීමට කරුණු යෙදේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාගවලින් සමර්ථ විය හැකියි. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කරන කටයුතු ද සාර්ථක වේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. ගෘහ ජීවිතය සාමකාමීව ගත වේ. ධෛර්ය හා උත්සාහය නොඅඩුව පවතී. බාධා ජය ගත හැකිිවේ. බිරිඳ හෝ සැමියාට ධන ලාභයන් ලැබීමට ඉඩ තිබේ. සතිය අගදී සෙම් රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න.

සුබ පාට රෝස සුබ අංකය 3.

ධනු

 හිත මිතුරන් සමග සතුටින් කාලය ගත වේ. රැුකියා ව්‍යාපාරවල උසස් අයගේ උදව් ලැබේ. සමාජය ඇති පිළිගැනීම හා ගෞරවය වැඩි වේ. දිරිමත්ව කටයුතු කරන නිසා බලාපොරොත්තු ඉටු කර ගැනීම අපහසු නොවේ. නීතිමය ගැටලූවලට විසඳුම් ලැබේ. ගෘහ ජීවිතය මිශ‍්‍රපලදායකයි. කුජ, කේතු දශා ගත කරන අයට තරමක් අපලයි. ඉක්මන් තීරණ ගැනීම ක්‍ෂණික කෝපය පාලනය කර ගන්න. ආහාරයේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න. රෝගියකුට උපකාරයක් කරන්න.

සුබ පාට දිලෙන සුදු සුබ අංකය 1

මකර

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ. බුද්ධිමත්ව තීන්දු තීරණ ගනී. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකයි. ආදායම් සතුටුදායක වේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. යහපත් මිතුරන් සමග ඇසුරු කිරීමට අවස්ථාව උදා වේ. සහෝදරයකු පිළිබඳව සතුටුදායක ආරංචියක් ලැබිය හැකියි. ප‍්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් යෙදේ. ලිපි ලේඛන පිළිබඳ කටයුතුවලින් සතුටුදායක ප‍්‍රතිඵල ලැබේ. රවි දශා ගතකරන අය ඌෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. ආලෝක පූජාවන් කරන්න.

සුබ පාට නිල් සුබ අංකය 7

කුම්භ

උසස් අයගේ උදව් ලැබේ. උසස් අය හඳුනාගැනීමට ද අවස්ථා උදා වේ.

රැකියා හෝ ව්‍යාපාර අංශවල ද සතුටුදායක තත්ත්වයන් ඇතිිවේ. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. උත්සාහය උනන්දුව ඉහළ යයි. සමාජ තත්ත්වය ද ඉහළ යෑමට ඉඩ තිබේ. නීතියේ පිහිට ලැබේ. ධෛර්යය හා උනන්දුව නොඅඩුව පවතී. අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා පවතී. ශනි ඒරාෂ්ටක අපල තත්ත්වයන් ද පවතින නිසා සෞඛ්‍යය රැුකගන්න අසරණ රෝගියකුට ඖෂධ පරිත්‍යාගයක් කරන්න.

සුබපාට මිශ‍්‍රළා – සුබ අංකය 6

මීන

ගත වූ දින දෙක තුනේ පැවැති ගැටලූවකට විසඳුම් ලැබේ. අසනීපයන් තිබුණේ නම් සුව අතට හැරේ. අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. දරුවන්ට සුබයි. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. ආගම දහමට හිත යොමු වේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. නීතියේ පිහිට ලැබේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීමක් ලැබීමට ඉඩ තිබේ. රැකියා ප‍්‍රශ්නවලට විසඳුම් ලැබේ. ගුරු දශා ගත කරන අය ශරීර සෞඛ්‍යය රැක ගැනීමට සැලකිලිමත් වෙන්න. ස්වාමීන් වහන්සේ නමනට දානයක් දෙන්න.

සුබ පාට සුදු සුබ අංකය 2.

උදාවන සතියේ ඔබේ දෛවය


දු.අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment