උදාවන සතියේ ඔබේ දෛවය

538

– මාර්තු 27 සිට

මේෂ
උනන්දුව හා ධෛර්යය නො අඩුව පවතින නිසා මේ සතියේ ඔබේ බලාපොරොත්තු ඉටු කරගැනීම අපහසු නොවේ. රැකියා ව්‍යාපාර අංශවල ද සතුටුදායක තත්ත්වයක් පවතී. හොඳ මිතුරන් හඳුනාගැනීමට අවස්ථා උදාවේ. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. නමුත් උසස් අය සමග කරන කටයුතුවලදී ප‍්‍රවේශම් වෙන්න. හෘදයාබාධ, රුධිර පීඩනය වැනි අසනීප ඇත්නම් නිසිලෙස වෛද්‍ය ප‍්‍රතිකාර ගන්න. සූර්ය පිරිත භාවිත කරන්න.
සුබ පාට රතු, සුබ අංකය 03.

වෘෂභ
රැකියා අංශවල සතුටුදායක බවක් පෙන්වයි. රැකියා ප‍්‍රධානීන්ගේ උදව් ලැබේ. නීතියේ පිහිට ලැබේ. බලාපොරොත්තු ඉටුකර ගැනීමට කරුණු යෙදේ. හිතේ සතුට ඇති වේ. ආගම දහමට හිත යොමුවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිවේ. බිරිඳ හෝ සැමියාට සුබදායකයි. අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර වීමට කරුණු යෙදේ. ගෙදර දියුණුවට කරන දේ සාර්ථක වේ. දරුවකුට අපල බවක් පෙන්වයි.
සුබ පාට මිශ‍්‍ර ළා, සුබ අංකය 06.

මිථුන
ආගමික කටයුත්තකට සහභාගිවීමට ඉඩ ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකියි. නමුත් ආදායම් මාර්ගවලට තරමක බාධා පවතී. ක්‍ෂණික කෝපය, කලබලවීම් නිසා හිතවතුන් අමනාප වීමට ඉඩ තිබේ. එමෙන්ම හදිසි අනතුරුවලින් ප‍්‍රවේශම් වෙන්න. ශනි කුජ දශා ගතකරන අය විශේෂයි. දිනපතා ආගමික වතාවත්කර මෙත් වඩන්න. කරණීය මෙත්ත සූත‍්‍රය භාවිත කරන්න. සෞඛ්‍ය රැකගන්න. මංගල යෝජනා පිළිබ`ද කටයුතුවලට සුබ නොවේ.
සුබ පාට කහ, තැඹිලි, සුබ අංකය 05.

කටක
සතිය මුලදී විවාහ සහකරු හා මත භේදයක් ඇතිවීමට ඉඩ ඇති නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. ගෘහ ජීවිතය ද මිශ‍්‍රඵලදායකයි. වාසනාව ගැන නොව, තමන් පිළිබඳව ම විශ්වාසය ඇතිව කි‍්‍රයාකිරීමෙන් ජය ලැබේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. සති අන්තය මංගල යෝජනා ආදියට අදාළ ගමන් බිමන් යෑම සුදුසුයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ.
සුබ පාට සුදු, සුබ අංකය 2.

සිංහ
ගෘහජීවිතය මිශ‍්‍රඵලදායකයි. සේවක සහයෝගය ලැබෙන නිසා රැකියා ව්‍යාපාර සාර්ථක කර ගැනීම අපහසු නොවේ. සතුරන් හා තරගකරුවන් පරදා කටයුතු කළ හැකිවේ. නමුත් ඌෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. නීතිමය ගැටලූවලට මැදිහත් නොවීමට වගබලා ගන්න. රවි දශා විශේෂයි. දිනපතා ආගමික වතාවන් කර බුද්ධ පූජා තබා සූර්ය පිරිත කියන්න. දරුවන්ගේ දියුණුව ගැන හිතා සතුටුවිය හැකිවේ.
සුබ පාට රතු, සුබ අංකය 03.

කන්‍යා
අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම්සබඳතා ස්ථිර කර ගැනීමට බාධා පවතී. ව්‍යාපාරවලට මුදල් යෙදවීමේදී දුරදිග බලා කටයුතු කරන්න. නීතිමය ගැටලූවලට විසඳුම් ලැබිය හැකිය. ආදායම් තත්ත්වය සතුටුදායකයි. උත්සාහය හා ධෛර්ය පවතින නිසා බොහෝ බාධා ජයගත හැකිවේ. ලොතරැයි ජයක් වැනි හදිසි ධනලාභ ලැබීමට ද ඉඩ තිබේ.
සුබ පාට මිශ‍්‍ර ළා, සුබ අංකය 06.

තුලා
ගෘහ ජීවිතය සතුටුදායකයි. පවුලේ අය සමග සතුටින් කාලය ගතකරන්නට ඉඩ ලැබේ. ගෘහාශ‍්‍රිත ව්‍යාපාර කරන අයට සුබඵල ලැබේ. ලාභ ලැබේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. මවුපියන්ට සුබයි. ඉගෙනීමේ කටයුතුවලට යහපත් ගුරුවරුන්ගේ උදව් ලැබේ. විවාහක අයට මංගල යෝග යෙදේ. අන් අයගේ අඹු – සැමි සමගිය ඇතිවේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ.
සුබ පාට මිශ‍්‍ර ළා, සුබ අංකය 06.

වෘශ්චික
උනන්දුව හා උද්යෝගය වැඩිවේ. බලාපොරොත්තු ඉටුවේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. අසල්වාසීන් සමග පවතින සුහදතාවය වැඩිවේ. අමනාපකම් දුරුවේ. සහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක් ලැබීමට ඉඩ තිබේ. ලිපි ලේඛන පොරොන්දු ගිවිසුම් ආදිය අත්සන් කිරීමට සුබයි. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකියි. ආයෝජනවලින් ලාභ ලැබේ. අලසකම හා වැඩ කල්දැමීම බාධාවක් විය හැකියි.
සුබ පාට සුදු, ක‍්‍රීම්, සුබ අංකය 02.

ධනු
සතිය මුලදී ආදායම් තත්ත්වය යහපත්වන නමුදු වියදම් ඉහළ යා හැකි බව ද පෙන්වයි. මේ නිසා වියදම් පාලනය කරගැනීමට සැලකිලිමත් වෙන්න. අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීමට හැකිවේ. නිවසේ පිංකමක් සිදුකිරීමට සැලකිල්ල යොමුවේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකියි. කේතු දශා ගතකරන අප ශරීරයේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න. කරණීය මෙත්ත සූත‍්‍රය භාවිත කරන්න.
සුබ පාට කහ, සුබ අංකය 05.

මකර
දරුවන්ගේ හෝ දියුණුවට කරන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. ඉගෙනීමේ කටයුතු සඵල වේ. විභාගවලින් සමාර්ථ විය හැකියි. ආයෝජනය කරන මුදල්වලින් ලාභ ලැබේ. චිත්ත ධෛර්යය වැඩි වේ. සේවක සහයෝගය ලැබේ. රැකියා ව්‍යාපාර සාර්ථක කර ගැනීමට හැකිවේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. උසස් අයගේ මෙන්ම නීතිමය අංශවල ද උදව් ලැබේ. ජය පිරිත භාවිත කරන්න.
සුබ පාට නිල්, සුබ අංකය 07.

කුම්භ
සැමියා හෝ බිරිඳ නිසා ධනයක් ලැබීමට ඉඩ තිබේ. ගෘහ ජීවිතය මිශ‍්‍රඵල දායකයි. දරුවකු වෙනුවෙන් අමතර මුදලක් වැයවීමට ඉඩ තිබේ. විදේශ ගමන් පිළිබඳ කටයුතුවලට තරමක බාධා පවතී. විනෝදාංශ නිසා දියුණුවට කරන දේට බාධා ඇතිවිය හැකියි. සෙම් රෝග වාතාබාධ ඇති සෞඛ්‍යය ගැටලූවලින් ප‍්‍රවේශම් වෙන්න. ශනි, කුජ දශා විශේෂයි. දිනපතා ආගමික වතාවන් කර මෙත් වඩන්න.
සුබ පාට කහ, සුබ අංකය 5.

මීන
යහපත් මිතුරු මිතුරියන් සමග සතුටින් කාලය ගතකිරීමට ඉඩ ලැබේ. අලූත් මිතුරන් හඳුනාගැනීමට ද හැකිවේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. සහෝදරයකුගේ ජයග‍්‍රහණයක් ගැන අසන්නට ලැබේ. අධ්‍යාපන කටයුතු සතුටුදායකයි. ගෘහ ජීවිතයේ දියුණුවට කරන දේ සාර්ථක කරගත හැකියි. නමුත් රුධිරගත සීනි, මේදය වැනි රෝගාබාධ ඇත්නම් වෛද්‍ය උපදෙස් පිළිපැදීමට සැලකිලිමත් වෙන්න. ගුරු දශා විශේෂයි.
සුබ පාට කහ, තැඹිලි, සුබ අංකය 5.

කෑගල්ල –  සුනිල් කුමාර ගම්ලත්
දු.අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment