උදාවන සතියේ ඔබේ දෛවය –

1182

මාර්තු 13 සිට

මේෂ

විවාහ අපේක්‍ෂිත තරුණ තරුණියන්ගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිරවීමට කරුණු යෙදෙන බව පෙනේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. රැුකියා සුබපලදායකයි. උත්සාහය උනන්දුව ඉහළ යයි. හිතේ සතුට ඇතිවේ. උසස් අයගේ ද රැුකියා ප‍්‍රධානින්ගේ ද උදව් ලැබේ. කේතු දශා ගත කරන අය ශරීරයේ පෝෂණය ගැන සැලකිලිමත් වන්න. ගෘහ ජීවිතය සතුටුදායකයි.
සුබ පාට – කහ තැඹිලි, සුබ අංකය – 5

වෘෂභ

සමාජ සේවාවකට සම්බන්ධවීමට අවස්ථා උදාවේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකි වේ. යහපත් ගුරුවරුන්ගේ උදව් ලැබේ. සමාජයේ ඇති ගෞරවය හා පිළිගැනීම වැඩිවේ. රැකියා සුබදායකයි. ආදායම් ද ඉහළ යෑමට ඉඩ තිබේ. සතිය මුලදී සුළු සුළු බාධා ඇතත් පසුව සුබ අතට හැරේ ආගමික උත්සවයකට සහභාගි වීමට අවස්ථාව උදාවේ. දරුවන්ගේ දියුණුවට කරන දේ සාර්ථක වේ.
සුබ පාට – මිශ‍්‍ර ළා, සුබ අංකය – 6

මිථුන

උදාවන සතිය සුභාසුභ මිශ‍්‍රපලාදායක බව පෙනේ. විභාගවලින් සමර්ථ විය හැකි වුවද විනෝදාංශවලට අනවශ්‍ය ලෙස බරවීම නිසා ඉගෙනීමට බාධා ඇති විය හැකියි. සතිය මුලදී ආදායම් සතුටුදායකයි. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු කල්දැමීමට සිදුවිය හැකියි. සෙම් රෝග වාතාබාධ වැනි අසනීපවලින් ප‍්‍රවේශම් වෙන්න. ශනි දශා ගතකරන අය විශේෂයි.

සුබ පාට – කහ තැඹිලි, සුබ අංකය – 5.

කටක

ගෘහ ජීවිතය සතුටුදායකයි. බිරිඳ හෝ සැමියාට සුබයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ. සතුරන් හා තරගකරුවන් අබිබවා කටයුතු කළ හැකිවේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. රැකියා සතුටුදායකයි. භාග්‍යය, වාසනාව ගැන නොව තමන් ගැනම විශ්වාසය තබා කටයුතු කරන්නේ නම් බාධා ජයගැනීම අපහසු නොවේ. උසස් අය සම`ග කටයුතු කරන විට ප‍්‍රවේශම් වන්න. රවි දශා විශේෂයි.
සුබ පාට – සුදු, සුබ අංකය – 2.

සිංහ

පසුගිය දිනවල පැවැති ගැටලූවලට විසඳුම් ලැබීමට ඉඩ තිබේ. ආගම ධර්මය කෙරෙහි හිත යොමුවේ. අසනීප තිබුණේ නම් සුව අතට හැරේ. දුර ගමන් හෝ නිතර ගමන් යෙදෙන බවද පෙනේ. සේවක පක්‍ෂයේ සහයෝගය ලැබෙන නිසා රැුකියා ව්‍යාපාර සාර්ථක වේ. ණය මුදලක් ලැබීමට තිබූ බලාපොරොත්තුවක් ඉටුවේ. නීතිමය ගැටලූවලට විසඳුම් ලැබේ.
සුබ පාට – දිළෙන සුදු, සුබ අංකය – 1

කන්‍යා

උත්සාහය උනන්දුව ඉහළ යයි. සතුරන් හෝ තරගකරුවන් පරදා ජය ගත හැකිවේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. සතිය මුලදී සෙම් රෝග වැනි අසනීපවලින් ප‍්‍රවේශම් වෙන්න. ආදායම් මාර්ගවලට බාධා ඇතිවීමට ද ඉඩ තිබේ. ඉගෙනීම් කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීමට හැකිවේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ.
සුබ පාට – මිශ‍්‍ර ළා, සුබ අංකය – 6.

තුලා

ගෘහ ජීවිතය සතුටුදායකයි. පවුලේ අය සම`ග සතුටින් කාලය ගතකිරීමට හැකිවේ. ගෘහ කර්මාන්ත හෝ ස්වයං රැුකියාවලින් ලාභ ලැබේ. අඹු – සැමි සමගිය ඇතිවේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග යෙදේ. විභාගවලින් සමර්ථ විය හැකි වේ. ව්‍යාපාරවලින් ද ලාභ ලැබේ. සතිය මැදදී තරමක බාධා ඇතත් පසුව එය සුබ අතට හැරේ. සෞඛ්‍ය රැුකගන්න.
සුබ පාට – මිශ‍්‍ර ළා, සුබ අංකය – 6

වෘශ්චික

උත්සාහය වීර්යය නොඅඩුව පවතින නිසා බොහෝ බාධා ජයගත හැකිවේ. සහෝදරයකුට සුබදායකයි. අසල්වැසියන් සම`ග පවතින සමගිය වැඩිවේ. අමනාප දුරුවේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. ගෘහ ජීවිතය සතුටුදායක වේ. සේවක සහයෝගය ලැබේ. ආයෝජනවලින් ලාභ ලැබේ. ස්වයං රැකියාවලට සුබයි. ස්නායුගත රෝග තිබේ නම් ප‍්‍රවේශම් වන්න.
සුබ පාට – රෝස, සුබ අංකය – 3

ධනු

 උදාවන සතිය මිශ‍්‍රපලදායකය. කෙටි ගමන් බිමන් නිතර යෙදේ. ආදායම් සතුටුදායක නමුත් වියදම් ඉහළ යෑමට ඉඩ තිබේ. පවුලේ වියදම් පාලනය කර ගැනීමට උනන්දු වන්න. උත්සාහය උනන්දුව ඉහළ යයි. නීතියේ පිහිට ලැබේ. කේතු දශා ගත කරන අය ශරීරයේ පෝෂණය ගැන සැලකිලිමත් වන්න. රහස් සතුරන්ගෙන් ප‍්‍රවේශම් වීමට වගබලා ගන්න.
සුබ පාට – කහ, සුබ අංකය – 5.

මකර

පවුලේ කටයුතු සාර්ථකව සිදු කර ගත හැකිවේ. ගෙදර දියුණුවට තිබූ බාධා ඉවත් කර ගත හැකියි. සේවක පක්‍ෂයේ සහයෝගය නොඅඩුව ලැබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගත හැකිවේ. අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර කර ගත හැකිවේ. ආයෝජනවලින් ලාභ ලැබේ. වියදම් ඉහළ යෑමට ද ඉඩ තිබෙන බව පෙනේ.
සුබ පාට – නිල්, සුබ අංකය – 7

කුම්භ

අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකිය. අපක්‍ෂපාතීව තීන්දු තීරණ ගන්නා බව පෙනේ. විවාහ සහකරුට සුබයි. විදේශ රැුකියා බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ. මංගල යෝජනා පිළිබඳ ගමන් බිමන්වලට එතරම් සුබ නොවේ. වියදම් ඉහළ යයි. ශරීර සෞඛ්‍යය ආරක්‍ෂා කර ගැනීමට විශේෂයෙන් සැලකිලිමත් වන්න. ශනි දශා විශේෂයි.
සුබ පාට – කහ, සුබ අංකය – 5

මීන

යහපත් මිතුරන්ගේ ඇසුර ලැබේ. රැකියා, ව්‍යාපාරවලින් ජය ලැබේ. ආදායම් ද සතුටුදායකයි. සහෝදරයකු පිළිබඳව සතුටුදායක ආරංචියක් ලැබේ. ගෘහ ජීවිතය සුබදායකයි. උසස් අය සම`ග කටයුතු කරන විට ප‍්‍රවේශම් වන්න. අවිවේකී බව බලපාන බව පෙනේ. දුර ගමනක් යෙදීමට ද ඉඩ තිබේ. ගුරු දශා තරමක් අපලයි. අන් අයට මිශ‍්‍රපලදායකයි.
සුබ පාට – සුදු, සුබ අංකය – 2.

උදාවන සතියේ ඔබේ දෛවය -



කෑගල්ල – සුනිල් කුමාර ගම්ලත්
දු.අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment