උදාවන සතියේ ඔබේ දෛවය

888

දෙසැම්බර් 12 සිට 18 දක්වා

මේෂ ලග්නය –

නිවසින් පිටත වැඩි කාලයක් ගත කිරීමට සිදුවිය හැකියි. පවුලේ වියදම් ඉහළ යන බවත් පෙනේ. සේවක පක්‍ෂයේ උදව් ලැබේ. රැුකියා ව්‍යාපාර සාර්ථක කරගත හැකියි. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. උසස් අය සම`ග කරන කටයුතුවලදී ප‍්‍රවේශම් වෙන්න. සතිය මැද වන විට වඩා සතුටුදායක බවක් පෙන්වයි. වැදගත් කටයුතුවලදී තනි තීරණ ගැනීමෙන් වළකින්න. උපදෙස් මත තීරණ ගන්න. හෘදයාබාධ රුධිර ධාවනය පිළිබඳ ගැටලූ, තිබේ නම් ප‍්‍රවේශම් වෙන්න. දිනපතා සූරිය පිරිත භාවිතා කරන්න. සුබපල ලැබෙනු ඇත.

සුභ පාට කහ තැඹිලි සුබ අංකය 5

වෘෂභ ලග්නය –

සහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක් ලැබේ. ආදායම් මාර්ගවලද සතුටුදායක තත්ත්වයන් පවතී. රැුකියා හෝ ව්‍යාපාර අංශවල සාමකාමීව කටයුතු සිදුවේ. දුර දිග බලා කතා කරන්න. කතාව නිසා අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිවීමට ඉඩ තිබේ. බිරිඳ හෝ සැමියාට සුබදායකයි. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබේ. සතිය මැද වනවිට සෙම් රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. ස්නායුගත රෝග තිබේ නම් අප‍්‍රමාදව ප‍්‍රතිකාර ගන්න. බුධ දශා විශේෂයි.

සුභ පාට සුදු ක‍්‍රීම් සුබ අංකය 2

මිථුන ලග්නය –

රැකියා ව්‍යාපාර අංශවල සතුටුදායක තත්ත්වයක් පෙන්වයි. අන් අයගේ උදව් උපකාර ලැබේ. හිතේ සතුට ඇතිවේ. බලාපොරොත්තු ඉටු වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. නමුත් විනෝදාංශවලට අත්‍යවශ්‍ය ලෙස නැඹුරුවීම නිසා දියුණුවට බාධා ඇති වීමට ඉඩ තිබේ. විනෝදය පාලනය

කරගන්න. උසස් අයගේ උදව් ලැබේ. උත්සාහය උනන්දුව ඉහළ යයි. තරගකරුවන්ගෙන් ජය ලැබේ. නමුත් ශනි දශා ගත කරන අය ශරීර සෞඛ්‍ය රැුක ගැනීම ගැන සැලකිලිමත් වෙන්න.

සුබපාට ළාකොල සුබ අංකය 4

කටක ලග්නය –

උදාවන සතිය බොහෝ දුරට සුබදායක බව පෙනේ. පසුගිය දිනවල තිබුණ ගැටලූවකට විසඳුම් ලැබේවි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ආගම දහමට හිත යොමුවේ. අසනීප තිබුණේ නම් සුව අතට හැරේ. නමුත් ගුරු දශා ගත කරන අය ශරීර සනීපය ගැන ප‍්‍රවේශම් වීම මැනවි. ගෘහ ජීවිතය සුබපලදායකයි. බිරිඳ හෝ සැමියාට සුබයි. දිනපතා බුද්ධ වන්දනාව කර අන්තරාය නිවාරන පිරිත භාවිතා කරන්න.

සුබ පාට සුදු ක‍්‍රීම් සුබ අංකය 5.

සිංහ ලග්නය –

රැුකියා ව්‍යාපාර සාර්ථක කර ගැනීම අපහසු නොවේ. සේවක පක්‍ෂයේ සහයෝගය ලැබේ. උත්සාහය උනන්දුව වැඩිවේ. ගෙදර දියුණුව ගැන වැඩි අවධානය යොමු වේ. දරුවන්ට සුබයි. අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. සතිය මුදල් සෙම් රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. සඳු දශා විශේෂයි. සතිය මැද වන විට තත්ත්වය සුබ අතට හැරේ. චන්ද පිරිත භාවිතා කිරීම සුබදායකයි.

සුබ පාට රෝස සුබ අංකය 3.

කන්‍යා ලග්නය –

උනන්දුව හා ධෛර්ය වැඩිවේ. ප‍්‍රයෝජනවත් ගමන්බිමන් යෙදේ. රාජ්‍ය අංශයේ හෝ ජාතියේ පිහිට ලැබේ. ගෙදර දොර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. පවුලේ අය සම`ග සතුටින් කාලය ගතවේ. අඹු – සැඹි සමගිය ඇතිවේ. සතිය මැද වනවිට ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. සඳු දශා විශේෂයි. සහෝදරයකුට සුබදායකයි. ඖෂධ පූජාවන් කරන්න.

සුබ පාට මිශ‍්‍රලා සුබ අංකය 6.

තුලා ලග්නය –

ගෘහ ජීවිතය සතුටුදායකය. ගෙදර දියුණුවට කරන දේ සාර්ථක වේ. ගෘහාශ‍්‍රිත කර්මාන්ත හෝ ව්‍යාපාරවලින් ද ලාභ ලැබේ. පවුලේ අය සම`ග සතුටින් කාලය ගත වේ. සේවක සහයෝගය ලැබේ. තරගකරුවන්ගෙන් ජය ලැබේ. ආදායම් සතුටුදායකයි. නමුත් වියදම් ඉහළ යෑමට ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකියි. සති අන්තයේදී සෙම් රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. සඳු දිශා විශේෂයි.

සුබ පාට මිශ‍්‍රලා සුබ අංකය 6

වෘෂ්චික ලග්නය –

උසස් අයගේ උදව් උපකාර ලැබේ. නීතිමය ගැටලූවලට විසඳුම් ලැබේ. උත්සාහය ධෛර්ය වැඩිවේ. බාධා කරදර ජය ගැනීමට තරම් ශක්තිය තිබේ. අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. දරුවන්ගේ දියුණුව දැකිය හැකිවේ. පෙම් සබඳතා හෝ මංගල යෝජනා ස්ථිර කර ගැනීමට හැකිවේ. ව්‍යාපාරවලින් ලාබ ලැබේ. වියදම් ඉහළ යා හැකි බව පෙනේ. වියදම් පාලනය කරන්න

සුභ පාට සුදු, ක‍්‍රීම් සුබ අංකය 2

ධනු ලග්නය –

ලග්නපති බලවත් නිසා බොහෝ බාධා ජයගත හැකියි. සතිය ආරම්භයේ තරමක සතුටුදායක තත්ත්වයන් පෙන්වයි. නමුත් රවි කුජ තරමක් දුර්වලව ගමන් කරන නිසා උසස් අය සම`ග කරන කටයුතුවලදී කල්පනාකාරී වන්න. ඉක්මන් කෝපය සහ කලබලය නිසා පාඩු සිදුවිය හැකි බැවින් ඉතා ඉවසීමෙන් කටයුතු කරන්න. රවි කුජ දශා විශේෂයි. දවස ආරම්භයේ ආගමික වතාවත් කර සූරිය පිරිත කියන්න.

සුබ පාට කහ/තැඹිලි සුබ අංකය 5.

මකර ලග්නය –

රැුකියා ව්‍යාපාර අංශවල සතුටුදායක බවක් පෙන්වයි. උසස් අයගේ උදව් ලැබේ. නීතියේ පිහිට ලැබේ. සමාජයේ ඔබ පිළිබඳව ඇති ගෞරවය හා පිළිගැනීම ඉහළ යයි. සතිය මුලදී බිරිඳ හෝ සැමියාට දුර ගමනක් යෙදීමට ඉඩ තිබේ. සතිය මැද වන විට මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර කර ගැනීමට කරුණු යෙදෙනවා ඇත. විනෝදාංශ පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න.

සුබ පාට නිල් සුබ අංකය 1.

කුම්භ ලග්නය –

සතියේ බොහෝ බාධා ජය ගැනීමට තරම් ශක්තිය හා ධෛර්ය ඇති බව පෙන්වයි. නීතිමය ගැටලූවලට විසඳුම් ලැබේ. උසස් අයගේ උදව් ලැබේ. හිතේ සතුට ඇතිවේ. හිත මිතුරන් සම`ග සතුටින් කාලය ගත වේ. අලූත් මිතුරන් හඳුනාගත හැකිවේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතු කරන ශිෂ්‍යයින්ට සුබයි. සතිය මැදදී සෙම් රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න.

සුබ පාට මිශ‍්‍රලා සුබ අංකය 6.

මීන ලග්නය –

අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. විභාගවලින් සමත් වේ. මීන හිමි මව්පියන්ට දරුවන් ගැන සිතා සතුටුවිය හැකිවේ. ආයෝජනවලින් ලාබ ලැබේ. ආගම දහමට හිත යොමුවේ. සේවක සහයෝගය ලැබෙන නිසා රැකියා ව්‍යාපාර සාර්ථක වේ.

ගෘහ ජීවිතය සතුටුදායකයි. ගුරු දශා ගත කරන අය ශරීර සනීපය ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න. අන්තරාය නිවාරන පිරිත භාවිතා කරන්න.

සුබ පාට රෝස සුබ අංකය 3.

කෑගල්ල – සුනිල් කුමාර ගම්ලත්

advertistmentadvertistment
advertistmentadvertistment