උදාවන සතියේ ඔබේ දෛවය

1558

මේෂ
ගතවූ දින දෙක තුනේ තිබූ ගැටලූවකට විසඳුම් ලැබේ. අසනීප තත්ත්වයන් තිබුණේ නම් සුවඅතට හැරේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. රැුකියා හා ව්‍යාපාර සුබදායකයි. උසස් අයගේ උදව් ලැබේ. නීතියේ පිහිට ලැබේ. සමාජයේ ඇති  පිළිගැනීම ගෞරවය ඉහළ යයි. ගෘහ ජීවිතය සතුටුදායක වේ. සේවක සහයෝගය ලැබේ. කේතු දශා ගත කරන්නේ නම් ශරීරයේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න.
සුබ පාට – කහ, තැඹිලි, සුබ අංකය – 05

වෘෂභ
රැුකියා හෝ ව්‍යාපාර සාමකාමීව සිදුවේ. ගෘහ ජීවිතය මිශ‍්‍රඵලදායකයි. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකියි. නමුත් විනෝදයට උවමනාවට වඩා බරවීම නිසා ඉගෙනීමට මෙන්ම දියුණුවට කරන කටයුතුවලටද බාධා සිදුවීමට ඉඩ තිබේ. විවාහ මංගල යෝජනාවලට බාධා පවතී. එවැනි කටයුතු දින කීපයක් කල් දැමීම මැනවි. වැදගත් තීන්දු තීරණ ගන්නා විට උපදෙස් ලබාගැනීමට සැලකිලිමත් වෙන්න.
සුබ පාට – නිල්, සුබ අංකය – 07

මිථුන

ගෘහ ජීවිතය මිශ‍්‍රඵලදායකයි. බිරිඳ හෝ සැමියාගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. අඹු-සැමි සමගිය ඇතිවේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. උසස් අය සමග කරන ගනුදෙනුවලදී ප‍්‍රවේශම් වෙන්න. උෂ්ණාධික රෝග, ස්නායුගත රෝග ඇති අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. රවි, බුධ, දශා විශේෂයි. විනෝදාංශ පාලනය කරගන්න. හදිසි ධන ලාභ වලටද ඉඩ තිබේ.
සුබ පාට – කහ, තැඹිලි, සුබ අංකය – 05

කට

 සේවක පක්‍ෂයේ සහයෝගය නිසා රැුකියා ව්‍යාපාර සාර්ථකව කරගෙන යෑමට හැකිවේ. උත්සාහය උනන්දුව වැඩිවේ. සතුරන් හෝ තරඟකරුවන් අභිබවා කටයුතු කරන්නට හැකිවේ. අසරණ සතුන් හා මිනිසුන් ගැන අති කරුණාව වැඩිවේ. ණය මුදලක් ලබාගැනීමට හැකිවේ. අඹු-සැමි සමගිය ඇතිවේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. මේ අතර ශරීරයේ මේදය හා සීනි අධික වීමෙන් ඇතිවන අසනීප පිළිබඳව සැලකිලිමත් වෙන්න. ගුරු දශා විශේෂයි.
සුබ පාට – සුදු, කී‍්‍රම්, සුබ අංකය – 02

සිංහ

උත්සාහය, උනන්දුව, වැඩිවේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. නීතිමය ගැටලූවලට විසඳුම් ලැබේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. රැුකියා ව්‍යාපාර සතුටුදායකයි. නමුත් අධ්‍යාපන කටයුතුවලට විනෝදාංශ නිස බාධා වීමට ඉඩ තිබේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. අඹු-සැමි සමගිය ඇතිවේ. බිරිඳ හෝ සැමියාට ද සුබදායකය. ස්නායුගත රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න.

 සුබ පාට – දිළෙන සුදු, සුබ අංකය – 01

කන්‍යා
ගෘහ ජීවිතය සතුටුදායකයි. පවුලේ දියුණුවට කරන දෙයින් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. පවුලේ අය සමග සතුටින් කාලය ගත කරන්නට ඉඩ ලැබේ. ස්වයං රැුකියා හේ ගෘහාශි‍්‍රත ව්‍යාපාර කරන අයට සතුටුදායක ප‍්‍රතිඵල ලැබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආයෝජන වලින් ලාභ ලැබේ. අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථීර වීමට කරුණු යෙදේ. ගුරු දශා ගතකරන අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න.

 සුබ පාට – මිශ‍්‍ර ලා, සුබ අංකය – 06

තුලා


 උදාවන සතිය බොහෝදුරට සුබදායකයි. උත්සාහය, ධෛර්යය නොඅඩුව පවතින නිසා බොහෝ බාධා ජය ගැනීමට ශක්තිය ලැබේ. ප‍්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් යෙදේ. අසල්වාසීන් සමග ඇති සමගිය වැඩිවේ. සහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක් ලැබේ. ලිපි ලේඛණ, ගිවිසුම් පිළිබඳ කටයුතුවලට සුබදායකයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලින්ද සතුටුදායක ප‍්‍රතිඵල ලැබේ.

 සුබ පාට – මිශ‍්‍ර ලා , සුබ අංකය – 06


වෘශ්චික

 විවාහ සහකරුට ධන ලාභයක් ලැබීමට ඉඩ තිබේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. අනාගතය ගැන වෙනදාට වඩා හිත යොමුවේ. ගෘහ ජීවිතය සාමකාමීව ගතවේ. උත්සාහය උනන්දුව වැඩිවේ. ලාභදායක ගමන් බිමන් යෙදේ. නීතියේ පිහිට ලැබේ.

 රැුකියා හෝ ව්‍යාපාර සාර්ථක වේ. ආදායම් සතුටුදායක වේ. සතිය මැදදී ගෙදර දියුණුවට කරන දේ සාර්ථක කරගැනීමට උවමනා අයගේ උදව් ලැබේ.

 සුබ පාට – සුදු, කී‍්‍රම්, සුබ අංකය – 02


ධනු

 ගතවූ දින දෙක තුනේ තිබූ ගැටලූවකට විසඳුම් ලැබේ. අසනීප තිබුණේ නම් සුව අතට හැරේ. ප‍්‍රමාද වූ කටයුතු නැවත ආරම්භ කළ හැකිවේ. දරුවෙකු වෙනුවෙන් අමතර වෙහෙසක් දරන්නට සිදුවේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. උත්සාහය ධෛර්ය වැඩිවේ. විනෝදාංශ කෙරෙහි වැඩියෙන් හිත යොමුවේ. ගුරු දශා ගතකරන අය ශරීරයට අවශ්‍ය ආහාර හා විවේකය ලබාදීමට සැලකිලිමත් වෙන්න.

 සුබ පාට – කහ, තැඹිලි, සුබ අංකය – 05

 මකර

 උත්සාහය, උනන්දුව, ධෛර්යය, නොඅඩුව පවතින නිසා බොහෝ බාධා ජය ගැනීමට ශක්තිය තිබේ.

 රැුකියා, ව්‍යාපාර අංශවලට සේවක පක්‍ෂයේ සහයෝගය ලැබෙන නිසා සාර්ථක කරගත හැකියි. පසුගිය දිනවල සාර්ථකව කරගෙන ආ කටයුතුවලට සතිය මුලදීම බාධා ඇතිවිය හැකිය. එහෙත් මේ තත්ත්වය සතිය මැදවන විට සුබ අතට හැරේ. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතුවලට තරමක බාධා ඇතිවිය හැකියි. ආදායම් සතුටුදායක තත්ත්වයක පවතී.

 සුබ පාට – නිල්, සුබ අංකය – 07

 කුම්භ

 විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතු කිරීමට සුදුසු නොවේ. එවැනි කටයුතු තරමක් කල් දැමීම යහපත්ය. නමුත් ප‍්‍රඥාවන්තව දුරදිග බලා කි‍්‍රයාකරන නිසා බොහෝ බාධා ජය ගැනීමට හැකියි. යහපත් මිතුරු මිතුරියන් සමග සතුටින් කාලය ගතකළ හැකිවේ. අලූත් මිතුරන් හඳුනාගැනීමට ද අවස්ථා උදාවේ. අධ්‍යාපන කටයුතු සතුටුදායකයි. රවි, ශනි දශා ගතකරන අය ශරීර සනීපය පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න.

 සුබ පාට – මිශ‍්‍රලා, සුබ අංකය – 06

 මීන

 ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබදායකයි. අධ්‍යාපන කටයුතු සාර්ථකව කළ හැකිවේ. දරුවන්ගේ දියුණුවට කරන දේවලින් ද සතුටුදායක ප‍්‍රතිඵල ලැබේ. උත්සාහය උනන්දුව ඉහළ යයි. රැුකියා ව්‍යාපාර අංශවලද බාධා ජයගත හැකිවේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. නීතිමය ගැටලූවලට විසඳුම් ලැබේ. ගෘහ ජීවිතය සතුටුදායකයි. ගුරු දශා ගතකරන අය ශරීර සෞඛ්‍යය රැුකගැනීමට සැලකිලිමත් වෙන්න.

 සුබ පාට – සුදු, කී‍්‍රම්, සුබ අංකය – 02



 කෑගල්ල –

 සුනිල් කුමාර ගම්ලත්

 දු.අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment