උදාවන සතියේ ඔබේ දෛවය

1806

මාර්තු 6 සිට

මේෂ –
රැකියා හෝ ව්‍යාපාර අංශවල අරමුණු ජයගත හැකිවේ. උනන්දුව හා ධෛර්ය ඉහළ යයි. රැකියා ප‍්‍රධානීන්ගේ උදව් ලැබේ. නීතියේ පිහිට ලැබේ. ගෘහ ජීවිතය සතුටුදායකයි. පසුගිය දිනවල තිබූ ගැටලූවලට විසඳුම් ලැබේ. අසනීප සුව අතට හැරේ. මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර කර ගැනීමට හැකිවේ. කේතු දශා ගත කරන අයට තරමක බාධා පවතී. ශරීර සෞඛ්‍ය රැකගන්න.

සුබ පාට – කහ, තැඹිලි, සුබ අංකය – 5

වෘෂභ –
සමාජ සේවාවන් හෝ පිංකමක් සඳහා සහභාගිවීමට කරුණු යෙදේ. උසස් අධ්‍යාපනය සුබපලදායකයි. විභාගවලින් සමර්ථ විය හැකිවේ. නීතියේ පිහිට ලැබේ. සමාජයේ ඇති ගෞරවය වැඩිවේ. තනතුරු හෝ උසස්වීම්වලට ද ඉඩ තිබේ. ගෘහ ජීවිතය දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. බිරිඳ හෝ සැමියාට ද සුබදායකයි. සතියේ මුල් දිනවල සුළු සුළු බාධා ඇතිවිය හැකියි. එහෙත් සතිය මැද වනවිට සුබපල ලැබේ.

සුබ පාට – මිශ‍්‍ර ලා, සුබ අංකය – 6

මිථුන –
යහපත් මිතුරු මිතුරියන් සමග සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව ලැබේ. ආගම දහමට හිත යොමුවේ. අධ්‍යාපන කටයුතුවලට සුබදායකයි. පෙම් සබඳතා හෝ විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට එතරම් සුබ නොවේ. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. සෙම් රෝග වාතාබාධ වැනි සෞඛ්‍ය ගැටලූ තිබේ නම් වෛද්‍ය උපදෙස් පිළිපදින්න. ග‍්‍රහ ශාන්තිකර්ම කර ගැනීමට සුදුසු කාලයකි. වියදම් පාලනය කර ගන්න.

සුබ පාට – ලා කොල, සුබ අංකය – 4

කටක –
රැකියා හෝ ව්‍යාපාර වලින් සුබ පල ලැබේ. රැකියාව නැතහොත් දියුණුවට කරන කටයුතු නිසා නිතර නිවසින් බැහැරව යෑමට සිදුවිය හැකියි. බිරිඳ හෝ සැමියාට සුබදායකයි. අවිවාහක තරුණ තරුණියන්ගේ මංගල යෝග හෝ පෙම් සබඳතා ස්ථිර විය හැකියි. මේ දිනවල රුධිර ධාවනය පිළිබඳව ගැටලූ හෝ හෘදයාබාධ ඇත්නම් වෛද්‍ය උපදෙස් හා ඖෂධ ගැනීමට සැලකිලිමත් වෙන්න. වියදම් ඉහළ යන නිසා වියදම් පාලනය කර ගැනීම ද වැදගත් වේ.

සුබ පාට – සුදු, කී‍්‍රම්, සුබ අංකය – 2

සිංහ –
පසුගිය සතියේ තිබූ ප‍්‍රශ්නයකට විසඳුම් ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථකවේ. පිංකමකට හෝ සමාජ සේවාවකට සහභාගි වීමට කරුණු යෙදේ. විවාහ සහකරුට සුබදායකයි. සතුරන් හා තරගකරුවන්ගෙන් ජය ලැබේ. ණය මුදලක් ලබාගැනීමට තිබූ බලාපොරොත්තුවන් ඉටුවේ. ගෘහ ජීවිතය මිශ‍්‍රඵලදායකයි. ලාබ අලාබ ගැන නොසිතා තීණ්දු ගැනීමට පෙළඹේ. හවුල් ව්‍යාපාර වලින් ලාබ ලැබේ. කුජ දශාගත කරන අය අනතුරු වලින් ප‍්‍රවේසම් වෙන්න.

සුබ පාට – දිලෙන සුදු, සුබ අංකය – 01

කන්‍යා –
සතිය මුලදී ආදායම් මාර්ගවල අවහිරතා ඇතිවීමට ඉඩ තිබේ. නමුත් පසුව ඒ තත්ත්වය සුබ අතට හැරෙනවා ඇත. කන්‍යා ලග්නය හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබදායකයි. විභාග වලින් සාර්ථක වේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. ආයෝජන වලින් ලාබ ලැබේ. හදිසි ධන ලාභ ලැබීමට ද ඉඩ තිබේ. ආගම දහමට හිත යොමුවේ. උත්සාහය ධෛර්ය ඉහළ යන නිසා බාධා ජය ගැනීම අපහසු නොවේ.

සුබ පාට – මිශ‍්‍රලා, සුබ අංකය – 6

තුලා –
ගෘහ ජීවිතය සතුටුදායකයි. පවුලේ අය සමග සතුටින් කාලය ගත කිරීමට අවස්ථා උදාවේ. හිතේ සතුට ඇතිවේ. නිවසේ පී‍්‍රති උත්සවයන් යෙදීමට ද ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ඉක්මන් කෝපය හා කලබලවීම නිසා පවුලේ අය අතර අමනාපකම් ඇතිවීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න. රාහු දශා ගත කරන අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. චන්ද පිරිත හෝ සූරිය පිරිත භාවිතා කරන්න.

සුබ පාට – මිශ‍්‍රලා, සුබ අංකය – 6

වෘශ්චික –
සහෝදරයකු පිළිබඳව සතුටුදායක ආරංචියක් ලැබීමට ඉඩ තිබේ. අසල්වාසීන් සමග පවතින සුහදතාව වැඩිවේ. අමනාපකම් උදාවේ. ගෘහ ජීවිතය සාමකාමීව ගතවේ. උත්සාහය, ධෛර්යය වැඩිවේ. යහපත් මිතුරන්ගේ ඇසුර ලැබේ. සතුරන් මිතුරු වේ. ණය මුදල් ලැබේ. අධ්‍යාපන කටයුතුවලින් ද සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. සති අන්තය වන විට සෙම් රෝග වැනි අසනීප වලින් ප‍්‍රවේසම් වෙන්න. රැකියා ව්‍යාපාර කටයුතු මිශ‍්‍රඵලදායකයි.

සුබ පාට – රෝස, සුබ අංකය – 03

ධනු –
නීතිමය ගැටලූවකට විසඳුම් ලබා ගැනීමට උසස් අයගේ උදව් උපකාර ලැබේ. චිත්ත ධෛර්ය ඉහළ යයි. ආදායම් මාර්ගවලද සතුටුදායක තත්ත්වයක් පවතී. නමුත් කතාව නිසා අන් අය අමනාපවීමට ඉඩ තිබේ. දුරදිග බලා කතා කිරීමට සැලකිලිමත් වෙන්න. අලස බව නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුවීමට ඉඩ ඇත. නමුත් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකියි. රාහු දශා ගත කරන අය උදරාබාධ වලින් ප‍්‍රවේසම් වෙන්න.

සුබ පාට – දිලෙන සුදු, සුබ අංකය – 01

මකර
ගෘහ ජීවිතය සතුටුදායකයි. අවිවාහක අයගේ මංගල යෝජනා ස්ථිර වීමට කරුණු යෙදේ. ගෘහාශි‍්‍රත කර්මාන්ත හෝ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. මව්පියන්ට සුබයි. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. රැකියා හෝ ව්‍යාපාර සාර්ථක කරගත හැකිවේ. ඉගෙනීම් සඵල වේ. දරුවන්ට සුබයි. හදිසි ධන ලාභ, ලැබීමට ද ඉඩ තිබේ. හවුල් ව්‍යාපාරවලින් සතුටුදායක ප‍්‍රතිඵල ලැබීමට පුළුවන.

සුබ පාට – නිල්, සුබ අංකය – 7

කුම්භ –
විදේශ සබඳතා මත කරන කටයුතු සාර්ථක කර ගැනීමට තරමක බාධා පවතී. දුර ගමන් බිමන් වලදී ද ප‍්‍රවේසම් වෙන්න. අධ්‍යාපන කටයුතු සුබදායකයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආගම දහමට හිත යොමුවේ. නීතියේ පිහිට ලැබේ. ගෘහාශි‍්‍රත කර්මාන්ත හෝ ගොවිතැන් වලින් ලාභ ලැබේ. උත්සාහයෙන් කටයුතු කරන්නේ නම් බාධා ජයගැනීම අපහසු නොවේ. සෙම් රෝග හෝ වාතාබාධ වැනි සෞඛ්‍ය ගැටලූ වලින් ප‍්‍රවේසම් වෙන්න.

සුබ පාට – කහ, තැඹිලි, සුබ අංකය – 05

මීන –
ව්‍යාපාරවලින් ලාභ ලැබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු වලින් සතුටුවිය හැකියි. ආදායම් සතුටුදායකයි. සතිය මැදදී සහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක් ලැබීමට ඉඩ තිබේ. උනන්දුව හා ධෛර්යය ඉහළ යයි. ගුරු රවි දශා ගත කරන අයට තරමක බාධා පවතී, රුධිරගත සීනි, මේදය වැනි රෝග ඇත්නම් ප‍්‍රවේසම් වෙන්න. වෛද්‍ය උපදෙස් පිළිගැනීමට සැලකිලිමත් වෙන්න.

සුබ පාට – සුදු, කී‍්‍රම්, සුබ අංකය 02

කෑගල්ල – සුනිල් කුමාර ගම්ලත්
දු.අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment