උදාවන සතියේ ඔබේ දෛවය

1335

මාර්තු 20 සිට

මේෂ

උදාවන සතිය සුබඵලදායකයි. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබෙන නිසා රැකියා ව්‍යාපාර සාර්ථක වේ. යහපත් මිතුරන්ගේ ඇසුර ලැබේ. ආදායම් සතුටුදායක වේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. රවි තරමක් දුර්වලව ගමන් කරන බැවින් රුධිර ධාවනය පිළිබඳ ගැටලූ ඇත්නම් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට සැලකිලිමත් වෙන්න. කේතු දශා ගතකරන අයට තරමක බාධා පවතී. අන් අයට මිශ‍්‍රඵලදායකයි.

සුබ පාට රෝස, සුබ අංකය – 03

වෘෂභ

ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගත හැකිවේ. අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර කරගැනීමට කරුණු යෙදේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථකවේ. ආයෝජනවලින් ලාභ ලැබේ. නීතියේ පිහිට ලැබේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. උසස් අය හඳුනා ගැනීමට ද අවස්ථා උදාවේ. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. ආගම දහමට හිත යොමුවේ.

සුබ පාට – මිශ‍්‍රලා, සුබ අංකය – 6

මිථුන

උදාවන සතිය ඔබට මිශ‍්‍රපලදායක බව පෙනේ. ගෘහ ජීවිතයේ සතුටුදායක බවක් පෙන්වයි. පවුලේ අය සමග සතුටින් කාලය ගත කිරීමට ඉඩ ලැබේ. සේවක පක්‍ෂයේ ගැටලූකාරී තත්ත්වයන් නිසා රැකියා ව්‍යාපාරවලට තරමක බාධා ඇතිවිය හැකියි. උවමනාවට වඩා විනෝදාංශවලට බරවීම නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා වීමට ඉඩ තිබේ. විනෝදය පාලනය කර ගන්න. මංගල යෝජනාවලට ද බාධා පවතී. ශරීර සෞඛ්‍ය රැකගැනීමට සැලකිලිමත් වෙන්න.

සුබ පාට ලා කොල, සුබ අංකය – 4

කටක

යුග දිවිය සතුටුදායකයි. අඹුසැමි සමගියට කරුණු යෙදේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. උනන්දුව හා ධෛර්යය නොඅඩුව පවතී, බාධා ජයගත හැකිවේ. ලාභදායක කෙටි ගමන් බිමන් යෙදේ. ලිපිලේඛන පිළිබඳ කටයුතුවලට සුබයි. නමුත් කතාව නිසා අමනාපකම් ඇතිවීමට ඉඩ ඇත. ගුරු දශා ගත කරන අය ශරීර සෞඛ්‍ය රැකගැනීමට සැලකිලිමත් වෙන්න. වාසනාවට වඩා උත්සාහය පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරන්න.

සුබ පාට – සුදු, සුබ අංකය – 2

සිංහ

මිශ‍්‍රපලදායක සතියක් උදාවන බව පෙනේ. තනි තීරණ ගැනීම නිසා විවිධ ගැටලූ ඇතිවිය හැකියි. මේ නිසා වැදගත් තීරණ ගැනීමේදී උපදෙසක් ලබාගැනීම මැනවි. විවාහ සහකරුට සුබදායකයි. සතුරන් තරහකරුවන් අභිබවා කටයුතු කළ හැකිවේ. සේවක සහයෝගය ලැබේ. දුර ගමන් බිමන් යෙදේ. ඉගෙනීමේ කටයුතු සාර්ථක වේ. රුධිර ධාවනය, හෘදයාබාධ ආදී අසනීප ඇත්නම් නිසි වේලාවට ඖෂධ ආදිය ගැනීමට සැලකිලිමත් වෙන්න. රවි දශා විශේෂයි.

සුබ පාට – රතු, සුබ අංකය – 03

කන්‍යා

උදාවන සතිය මුලදී සුවදායක බවක් පෙන්වයි. ගතවූ දිනවල පැවති අසනීප සුව අතට හැරේ. ගැටලූවකට විසඳුම් ලැබේ. හිතේ සතුට ඇතිවේ. කලකින් නුදුටු මිතුරකු හමුවේ. ආදායම් සතුටුදායකවේ. විභාගවලින් සමර්ථ විය හැකිවේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ව්‍යාපාරවලින් ලාබ ලැබේ. මේ අතර අවිවේකය ඇතිවේ. රහස් සතුරන්ගෙන් ප‍්‍රවේසම් වෙන්න. ස්නායුගත රෝග ඇත්නම් නිසි ලෙස ප‍්‍රතිකාර ගන්න.

සුබ පාට – මිශ‍්‍ර ලා, සුබ අංකය – 06

තුලා

ගෘහ ජීවිතය සතුටුදායකයි. පවුලේ අය සමග සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව උදාවේ. ස්වයං රැුකියා හෝ ගෘහාශි‍්‍රත ව්‍යාපාර වලින් ලාබ ලැබේ. හදිසි කෝපය හා කලබලවීම නිසා පවුලේ අය අතර අමනාපකම් ඇතිවීමට ඉඩ තිබේ. මේ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු සාර්ථකවේ. විභාගවලින් සමර්ථවේ. උසස් අයගේ උදව් ලැබේ. නීතියේ පිහිට ලැබේ. උත්සාහය ධෛර්ය වැඩිවේ.

සුබ පාට – මිශ‍්‍ර ලා, සුබ අංකය – 06

වෘශ්චික

චිත්ත ධෛර්ය ඉහළ යයි. මේ නිසා බොහෝ බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවේ. සතිය මුලදී රැකියා හෝ ව්‍යාපාර වලින් සුබපල ලැබේ. සතිය මැද වනවිට තරමක බාධා ඇති වුවත් පසුව තත්ත්වය සුබ අතට හැරේ. ගෘහ ජීවිතය සාමකාමීව ගතවේ. ආගම දහමට හිත යොමුවේ. සහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක් ලැබිය හැකියි. ලාභදායක කෙටි ගමන් බිමන් යෙදේ. දරුවන්ගේ දියුණුවට කරුණු යෙදේ.

සුබ පාට – රතු, සුබ අංකය – 03

ධනු

ආදායම් තත්ත්වය සතුටුදායකයි. දරුවකු වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවිය හැකියි. තැන්පත් මුදලක් වැයවීමට ද ඉඩ තිබේ. කාර්ය බහුල කාලයක් වේ. ගෘහ ජීවිතය මිශ‍්‍රපලදායකයි. දුර ගමන් හෝ විදේශ ගමන් පිළිබඳව හිත යොමුවේ. රැකියා ව්‍යාපාර සතුටුදායකය. විවාහ සහකරුගේ දියුණුවට කරුණු සිදුවේ. ගුරු දශා ගතකරන අය ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න.

සුබ පාට – කහ, සුබ අංකය – 5

මකර

ගෘහ ජීවිතයේ දියුණුව ගැන වඩාත් උනන්දුවෙන් කටයුතු කරන නිසා සාර්ථක වේ. රැකියා ව්‍යාපාරවලින් ද ජය ලැබේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. හිතේ සතුට ඇතිවේ. පසුගිය දිනවල පැවති ගැටලූවකට විසඳුම් ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථකවේ. අවිවාහක අයගේ විවාහ යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර වීමට ඉඩ තිබේ. දරුවන්ට සුබයි. හදිසි ධන ලාබ ලැබීමට ද හේතුයි.

සුබ පාට – නිල්, සුබ අංකය – 7

කුම්භ

දුරදිග බලා කටයුතු කරන නිසා බොහෝ ගැටලූ විසඳා ගැනීමට හැකිවේ. ඉගෙනීමේ කටයුතුවලින්ද සතුටුදායක ප‍්‍රතිඵල ලැබේ. දරුවන්ගේ දියුණුව දැක සතුටුවිය හැකිවේ. නමුත් සෙනසුරු ඒරාෂ්ටක අපලයන් ද පවතින නිසා තරමක බාධා පවතී. ගෘහ ජීවිතයේ දියුණුවට කරන සමහර කටයුතු කල් දැමීමට සිදුවේ. මංගල කටයුතුවලට ද සුබ නොවේ. සඳු ශනි දශා තරමක් අපලයි. ආගමික ජීවිතයක් ගත කරන්න.

සුබ පාට – කහ, සුබ අංකය – 05

මීන

යහපත් මිතුරු මිතුරියන් සමග සතුටින් කාලය ගත කිරීමට අවස්ථා උදාවේ. උසස් මිතුරන් හඳුනා ගැනීමට ද ඉඩ ලැබේ. ආදායම් සතුටුදායක වේ. සහෝදරයකුගේ රැකියා ප‍්‍රශ්නයකට විසඳුම් ලැබේ. සතිය මැද වනවිට සුළු සුළු බාධා පවතී. පසුව තත්ත්වය සුබ අතට හැරේ. සීනි කොලෙස්ටරෝල් වැනි අසනීප තිබේ නම් වෛද්‍ය උපදෙස් පිළිපැදීමට සැලකිලිමත් වෙන්න. ගුරු දශා විශේෂයි.

සුබ පාට – රෝස, සුබ අංකය – 03

කෑගල්ල –
සුනිල් කුමාර ගම්ලත්
දු.අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment