උදැල්ලෙන් පහරදී දෙදරු පියා ඝාතනය කළ අයට මරණ දඬුවම

175

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඇතුළු චෝදනා හතරකට වැරදිකරුවූ චූදිත දෙදරු පියෙකුට මොනරාගල මහාධිකරණ විනිසුරු (පූර්වගාමී) රංග දිසානායක මහතා විසින් ඉකුත්දා මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ කුඹුක්කන ඔක්කම්පිටිය පාර පදිංචි බී. ඒ. සමරසිරි යන අයටය.

2012/05/22 වෙනි දින කුඹුක්කන, ඔක්කම්පිටිය පාරේ දෙකේ කණුව අසල පදිංචි හේවාපුවක්පිටියගේ රංජිත් ධර්මසිරි නමැති අයට උදැල්ලකින් පහරදී ඝාතනය කිරීම, ඔහුගේ බිරිඳ වන ඞී. එම්. දීපා, දියණිය වන එච්. ජී. හෂිනි ඉෂාරා, මව වන එම්. ජී. විමලාවතී යන අයට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 296, 300, 315 යන වගන්ති යටතේ නීතිපතිවරයා විසින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම සහ බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබිණි.

මෙහිදී සියලූ චෝදනාවන්ට චූදිත, වරදකරු කරමින් මහාධිකරණ විනිසුරු විසින් මෙලෙස මරණීය දණ්ඩනය නියම කරන ලදී.

දෙවෙනි චෝදනාවට අවුරුදු 10 බරපතළ වැඩසහිත සිරදඬුවම් සමග රුපියල් 10,000 දඩයක්ද, තුන්වන චෝදනාවට වසර 5 සිරදඬුවමක් සමග රුපියල් 5000 ක දඩයක්ද, සිව්වන චෝදනාවට වසරක සිරදඬුවමක් සමග රුපියල් 5000 දඩයක්ද නියම කෙරිණි.

නීතීඥ සුසන්ත රත්නායක මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි අතර චූදිත වෙනුවෙන් පැමිණිල්ල රජයේ අධිනීතීඥ රුචින්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් මෙහෙයවීය.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment