උදෑසන  ආහාරය  විෂවී පැල්වත්ත ප්‍රාථමිකයේ සිසුහු 17ක් රෝහලේ

185

වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් පැල්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ලබාදෙන උදෑසන ආහාරය ගැනීමෙන් පසු ඊයේ (05 දා) හදිසියේ රෝගාතුර වී වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

උදෑසන ආහාරය ගැනීමෙන් පසු කලන්තය, වමනය සහ බඩේරුදාව වැළඳීම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දාහත් දෙනෙකු මෙලෙස රෝහල් ගතකර තිබේ. මේ පිළිබඳව වැල්ලවාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි අනුරාධ රණදේව මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ රෝහල්ගතව සිටින දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් සිද්ධිය පිළිබඳව දිගටම පරීක්ෂණ පවත්වන බවත්ය.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment