උන්ඩියල් හවාලා ගැන ඔබ නොදන්නා කතාවක්…

2551

උන්ඩියල් හවාලා කියන වචනවත් අහල තිබුණේ නැති සාමාන්‍ය ජනතාව ඒ දෙසට හැරෙව්වෙ අසාමාන්‍ය ලෙස ඩොලර් පාලනය කරන්න ගිය නිසා.. දැන් මිනිසුන්ට රස වැටිලා… දැන් ඈත් කරන්න අමාරුයි….නමුත් උණ්ඩියල් ක‍්‍රමය පිළිබඳ අභ්‍යන්තර කතාව සමහරු හිතනවටත් වඩා අසුන්දරයි භයානකයි. විනාශකාරීයි.

උණ්ඩියල් උණ්ඩියල් කිව්වට සමහරු මේ ගැන විස්තර දන්නේ නැහැ. නොදන්නා අයට දැනගන්න පළකෙරෙන පහත සටහන ඒ ගැනයි.

මොකද්ද උණ්ඩියල් සහ හවාලා කියන්නෙ? කෙටියෙන්ම කිව්වොත් මුදල් විශුද්ධිකරණය වෙන ක‍්‍රම දෙකක්. මේක ඔබ අතරින් බහුතරයක් කරනවා ඇති. මේක කියෙව්වොත් ඔබට තේරෙයි ඔබ කර ඇති පව් දුරදිග නොබලා.

  • උණ්ඩියල්, හවාලා වෙන්නෙ මෙහෙමයි.

අපි හිතමු ඩුබායි ඉන්න අමරට ලංකාවෙ එයාගෙ නෝන සාමා ට සල්ලි එවන්න ඕන කියල. අමර හම්බ කරන්නෙ පිරිසිදු සල්ලි දාඩිය මහන්සියෙන්. අපි හිතමු එයාට ලංකාවෙ බැංකුවකින් දෙන්නෙ ඩොලර් එකට රු. 200යි කියල. ඒ ගාණට වඩා උණ්ඩියල් මුදලාලි දෙනවා. අපි හිතමු 250/- ක් කියල. උණ්ඩියල් මුදලාලිලා හැම රටේම වගේ දැන් ඉන්නවා. අමර යනවා උණ්ඩියල් මුදාලාලි ළඟට. එයා දෙනවා ඩොලර් 100ක්. දැන් උණ්ඩියල් මුදලාලි කතා කරනවා ලංකාවෙ ඉන්න එයාගෙ නියෝජිතයාට. අපි හිතමු එයාගෙ නම ‘‘වෙලේ සුදා” කියලා. දැන් ඩොලර් 100×250 = 25000ක් සාමාට දෙන්න කියල ඩුබායිවල ඉන්න උණ්ඩියල් මුදාලාලි සුදාට කියනවා. සුදා සාමාගෙ ගිණුමට ඒ ගාන දානවා. සාමා සතුටුයි. අමරට සතුටුයි බැංකුවට වඩා වැඩි ගාණක් ලැබුණා. එයාල දැන් සීන් එකෙන් අයින් වෙනවා.

දැන් උණ්ඩියල් මුදලාලි සුදාට 25000ක් ණයයි. දැන් උණ්ඩියල් මුදලාලි මේ සල්ලි දෙනවා ඩුබායිවල ඉන්න තව කෙනෙකුට තමුන්ගෙ කමිශන් එක තියාගෙන. අපි හිතමු එයාගෙ නම මාකඳුරේ මධූෂ් කියල. දැන් මධූෂ් ළඟ සුදාගෙ සල්ලි 25000/ ට කිට්ටු ගාණක් තියෙනවා උණ්ඩියල් කමිශන් අයින් කරාම. දැන් ඉතින් මාකඳුරේ මධූෂ් විසින් ඒ සල්ලි වලට වෙලේ සුදාට එවන්නෙ මොනාද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ..

මෙන්න මේක තමයි ජාත්‍යන්තර නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කරුවන් තම මුදල් ගනුදෙනු කිරීම සඳහා underground banking එහෙමත් නැතිනම් කිසිදු රෙකෝඞ් එකකට අහු නොවී බෑන්කින්ග් කිරීමට හදා ගත් ක‍්‍රමවේදය. මේ විදියට ගනුදෙනු වෙන්නෙ මත් කුඩු සල්ලි විතරක් නෙවෙයි. ත‍්‍රස්තවාදී මුදල්, Human trafficking හෙවත් මිනිස් ජාවාරම් වලින් එන මුදල්, ගණිකා වෘත්තියට කාන්තාවන්, දැරිවියන් විකිණීමෙන් එන මුදල්, මිනිස් අවයව ජාවාරමෙන් එන මුදල්. නොයෙක් ආකාරයෙන් නීති විරෝධී ජාවාරම්වලට මුදල් ගනුදෙනු සඳහා හොඳ තෝතැන්නක් තමයි මේ උණ්ඩියල් සහ හවාලා ක‍්‍රම කියන්නෙ.

ඉතිං බැංකු පද්ධතියෙන් සාධාරණ අගයක් අපගේ ඩොලරයට ගෙවනවානම් අපි ඇයි මේ වගේ ජාවාරම් කිරීමට අපේ සල්ලි දෙන්නේ. හිතන්න එපා ඔබට ඒ පාපයෙන් ගැලවෙන්න පුළුවන් කියා.

කොටින්ම උණ්ඩියල්, හවාලා ගනුදෙනු තියෙන තාක්කල් ඔබේත් මගේත් රටට කුඩු එන එක නවත්වන්න බෑ. සහරාන්ලට බෝම්බ හදන්න සල්ලි එන එක නවත්තන්න බෑ. ISIS ව්‍යාප්ත වීම නවත්ත්වන්න බෑ. පුංචි ගෑණු ළමයි ගණිකා සේවයට විකිණීම නවත්වන්න බෑ.

ඔබ දාඩිය මහන්සියෙන් හම්බකරන පිරිසිදු සල්ලි වල තැවරෙන්නෙ මොනාද? ඔබට තේරුනාද ඔබ කළ පව් දුරදිග නොබලා…-

මෙතන කියවෙන්නම ඕන නමුත් නොකියවුන දේ තමයි මේ ක‍්‍රමයට ඔබ ‘‘යවන” එක ඩොලර් එකක්වත් ලංකාවට යන්නෙ නැති බව. ඒ වෙනුවට වෙන්නේ ලංකාවේ දැනටමත් රුපියල් වලින් තියෙන වෙලේ සුදාගේ කළු සල්ලි සුදු වෙලා ඔබේ පවුලට ලැබිලා රට ඇතුළෙම කැරකෙන එක.

ඔබ දාඩිය මහන්සියෙන් හම්බු කරන ඩොලර් ඔය රටේම තියෙන මාකඳුරේ මධුෂ්ගේ විදෙස් ගිණුමේ තැන්පත් වෙනවා. වෙනත් වචන වලින් කියනව නම් ලංකාවේ හොරු කියල ඔබ එලවන්න හදන දේශපාලකයන් ඇතුළු අපරාධ කාරයන්ට එයාලගෙ කළු සල්ලිත් සුදු කරගෙන ඒවත් අරන් රට පනින්න ඔබ උදව් කරනවා.

ඉතින් මෙහෙම කරොත් ගෑස් තෙල් තියා පිට රට වල තියෙන pharmaceutical companies වලට ගෙවල අත්‍යවශ්‍ය ඖෂධ ටික ගෙන්නන්න වත් ලංකාව ඇතුළේ ඩොලර් නැති වෙනවා. ඒ කියන්නේ ඔබ මේ ක‍්‍රම වලින් ලංකාවේ ඉන්න ඔබේ පවුල රුපියල් වලින් පොහොසත් කළාට ඔවුන්ට ලංකාවේ හදන්නෙ නැති සියලූ දේ අහිමි කරනවා!

facebook ගිණුමකින් උපුටා ගන්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment