උන්මාදයක් වූ උන්මාද පේ‍්‍රම ගීයට යොහානිව ගත්තේ ඇයි?

629

භාතිය සන්තුෂ් සහ නිලාර් උත්තර දෙයි


උන්මාද පේ‍්‍රම ගීය ඇසෙනා

ගිම්හාන ?ක ඈත මුමුණා

තරු ඇස්වලින් සඟවා

තුරුපත් පවා නොසලා

කොයිබින්ද ඒ ගී මෙදා


සංගීතය” ගායනය” රූප රචනය පිළිබඳව මුල්බැසගත් සංස්කෘතිය වෙනස් කරමින් භාතිය” සන්තුෂ් සහ යොහානි ගේ ගායනයෙන් හැඩවන ‘උන්මාද පේ‍්‍රම ගීය. ගීතය පසුගිය සතියේ අතිශයින් ජනපි‍්‍රයත්වයට පත් විය. සමාජ මාධ්‍ය තුළ මෙන්ම ඩිජිටල් වේදිකාව තුළත්” ටික් ටොක් වලත් ‘උන්මාද පේ‍්‍රම ගීය. ගීතය ටෙ‍්‍රන්ඩින් වූයේ ඉහළම රසික ප‍්‍රතිචාර හිමිකර ගනිමිනි. ගීතය එළිදක්වා දින කිහිපයක් ගතවන විට බොහෝ දෙනකු නැවත නැවත රසවිඳින ගීතයක් බවට ‘උන්මාද පේ‍්‍රම ගීය. පත් වන්නේ එය ගායනයත්” පද සංකලනයත්” සංගීතයත්” රැප් ගායනය හා රූප රචනයත් අපූර්ව ලෙස කැටි කළ නිර්මාණයක් නිසාය.

භාතිය” සන්තුෂ් සහ යොහානිගේ ගායනයට රැුප් ගායක කයිසර් තවත් වටිනාකම් එකතු කරයි. මෙම ගීතයේ පද රචනය නිලාර් එන් කාසීම් විසින් සිදුකර තිබේ. භාතිය සන්තුෂ්” යොහානි සහ කයිසර්ගේ ගායනයත් අතිවිශිෂ්ට බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණාවකි. නමුත් ඔවුන්ගේ කටහඬට හා තනුවට උපරිම සාධාරණයක් කරමින් පේ‍්‍රමණීය විචිත‍්‍රවත් මෙන්ම සාහිත්‍යමය වශයෙන් වටිනාකමක් ඇති පද පෙළක් ලියූ ගීත රචකයාගේ හැකියාව ද අගය කළ යුතුය.

භාතිය” සන්තුෂ්ලාට වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ ගීත රචනා කරන නිලාර් එන් කාසීම්” චාන්දනී පායලා” ගුම්නාදේ” පැතූ පෙම් පැතුම් වැනි ජනපි‍්‍රය වූ ගීත රැුසක් භාතිය” සන්තුෂ් වෙනුවෙන් රචනා කර තිිබේ. කොවිඞ් නිසා දුරස් වී තිබූ භාතිය සන්තුෂ් ගේ සහ නිලාර්ගේ සංකලනය උන්මාද පේ‍්‍රම ගීය හරහා යළිත් එක්වන්නේ දශක දෙකකට ආසන්න කාලයක් ඔවුන් අතර වන හිතවත්කම් ද අලූත් කරමිනි.

‘‘මම භාතිය සන්තුෂ්ලාට ගීත රචනා කරන්න පටන් ගත්තේ අද ඊයෙක නෙමෙයි. මට මතක විදිහට ඔවුන් වෙනුවෙන් මුල්ම ගීතය රචනා කළේ 2000 වර්ෂයේ. එදා ඉඳල අද වෙනකම්ම මම ඔවුන් වෙනුවෙන් ගීත රචනා කරනවා. මම හිතන්නේ භාතිය සන්තුෂ්ලාට වැඩිපුරම ගීත ලියපු රචකයා මම වෙන්න ඇති.. ලෙසින් නිලාර් භාතිය සහ සන්තුෂ් සමඟ වන මතකය අවදි කළේය.

යොහානි ලංකාවේ මෙන්ම ලෝකයේ ද අතිශයින් ජනපි‍්‍රයත්වයට පත්වීමත් සමග භාතිය සහ සන්තුෂ් ඇයව ඔවුන්ගේ ගීතයට සම්බන්ධ කර ගත්තා යැයි ඇතැම් පිරිස් අදහස් දැක්වුව ද ගීතය නිර්මාණය වීම සිදු වූයේ මීට වසර කිහිපයකට පෙර බව ද නිලාර් පැවසුවේය.

‘‘ඇත්තටම මේ ගීතය ලියැවුණේ 2017 වර්ෂයේ” කොවිඞ් ආරම්භ වෙන්නත් කලින්. මේකට යොහානි එකතු කරගෙන කිරීමේ අරමුණකින් ලියැවුණු ගීතයක් නෙමෙයි. භාතියලා මට තනුව දුන්නට පස්සෙ මම මේ තනුව අහල වචන ටික ලිව්වා. යොහානි එකතු කරගෙන මේ ගීතය කරනවා කියල ඒ දවස්වල අදහසක් තිබුණෙ නෑ. සාමාන්‍යයෙන් ගීතයක් ලියල දුන්න ගමන්ම භාතියල ගීතය කරල එළියට දාන්නේ නැහැ. කොවිඞ් සහ වෙනත් හේතු කිහිපයක් නිසා ගීතය එළිදක්වන එක කල් ගියා. ඒ අතරතුර යොහානිවත් එකතු කරගෙන මේ වගේ නිර්මාණයක් එළියට දාන්න අපට අවස්ථාව ලැබුණා…

උන්මාද පේ‍්‍රම ගීය ඇසෙනා ගීතය පිළිබඳව නිලාර් එන් කාසීම් එලෙස අදහස් දක්වද්දී ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට මීවිත අපි භාතිය ද සම්බන්ධ කර ගත්තෙමු.

‘‘ඇත්තටම අපේ අලූත් ගීතය හැම විදිහකම ටෙ‍්‍රන්ඩින් වෙලා තියෙනවා. පමිසජ එරුබාසබට වගේම ප්සබ එරුබාසබට වෙලා තියෙනවා. භාතිය” සන්තුෂ් ගේ හඬට ආදරය කරන පිරිස වගේම යොහානිගේ සහ කයිසර් ගේ හඬට ආදරය කරන පිරිසත් මේ ගීතය රසවිඳලා තියෙනවා.

අපට වුවමනා වුණේ සරල වගේම වෙනස් නිර්මාණාත්මක ගීතයක් එළියට දාන්න. නිලාර් අපේ අවශ්‍යතාවය තේරුම් අරගෙන තනුවට ගැළපෙන විදිහට පේ‍්‍රමණීය වගේම ලස්සන පද රචනයක් සිදු කළා…

භාතිය පවසන ලෙසට භාතිය සහ සන්තුෂ් සමඟ ගීතයක් ගායනා කිරීමට යොහානි කැමැත්ත පළ කර තිබුණේ භාතිය” සන්තුෂ් සමඟ යොහානි එළිමහන් ප‍්‍රසංගයක් පැවැත්වූ දිනවලදීය. මේ ගීතය නිර්මාණය වනවිට යොහානි මැණිකේ ගීතය ගායනා කර තිබුණේ ද නැති නිසා මෙය යොහානි ගේ ජනපි‍්‍රයත්වය නිසා ඇයව සම්බන්ධ කර ගනිමින් කළ නිර්මාණයක්ය යන මතය භාතිය” සන්තුෂ් ද ප‍්‍රතික්ෂේප කරති.

‘‘අපි මේ සින්දුව රෙකෝඞ් කළේ යොහානි” මැණිකේ කවර් එක කරන්නත් කලින්. විශේෂම කාරණාව ලොක්ඩවුන් කාලෙ නිසා අපි තනි තනිව තමයි තම තමන්ගේ කොටස් රෙකෝඞ් කළේ. අපි සූම්වලින් මීටින් තියලා තමයි එකිනෙකා ගේ අදහස් බෙදා ගත්තේ. ඔය කාලෙ යොහානිගේ මැණිකේ කවර් එක අවුට් වෙලා යොහානිට ඉන්දියාවේ යන්න වුණා. ලංකාවෙන් ගියපු යොහානි නෙමෙයි ආපසු ආවේ. මුළු ලෝකෙම කතා කරන ජනපි‍්‍ර ගායිකාවක්. ඉතින් ඇගේ ජනපි‍්‍රයත්වයත් එක්ක මේ ගීතයට තවත් වටිනාකමක් ලැබුණා. යොහානි ඉන්දියාවේ ඉඳලා ආව දවසට පසුව දා අපි මේ ගීතයට රූප රචනය සිදු කළා. නමුත් යොහානිගේ අලූත් ගීතය එළියට දානකම් අපි මේ ගීතය එළිදක්වන එක ප‍්‍රමාද කළා…

කෙසේ වෙතත් මේ වනවිට භාතිය” සන්තුෂ්ට” යොහානිට මෙන්ම කයිසර් ගේ රැුප් ගායනයට කැමැති බොහෝ දෙනෙක් මෙම ගීතය සමඟ එක් වී සිටිති.

පද රචනය ගායනය මෙන්ම මෙම ගීතයේ සංගීතය පිළිබඳව කතා කළ යුතුයි. සරිගම මියුසික් වෙනුවෙන් මෙහි සංගීත කටයුතු චමිත කුරේ විසින් සිදුකර තිබේ. ගීතයට ඇලූම් කරන බොහෝ දෙනකු පවසන්නේ මේ ගීතය හරහා භාතිය” සන්තුෂ්ගේ මුල් යුගයේ ගායනයන් සිහිපත් වන බවයි.

‘‘ඇත්තටම මේ වෙද්දි ගීතයට ටික් ටොක් හැදෙන්නන් පටන් අරන්. මගේ අම්මත් මේ ගීතයට ගොඩක් කැමැතියි. මගේ දුවත් මගේ ගිතයට ටික් ටොක් එකක් කළා. ජනපි‍්‍රය තරුණ ගායකයන් ගේ ගීතවලට වැඩි ඉල්ලූමක් තියෙන කාලෙක අපේ ගීතය මේ තරම් ජනපි‍්‍රය වීම ගැන සතුටුයි. යූ ටියුබ්වල වගේම සෝෂල් මීඩියාවලත් ඩිජිටල් ෆ්ලැට් ෆෝර්ම් එකෙත් අපේ අලූත් ගීතය ටෙ‍්‍රන්ඩින් වෙලා තියෙනවා…

සතියක් වැනි කාලයක් තුළ සමාජ මාධ්‍ය මෙන්ම ඩිජිටල් වේදිකාවත් නතු කර ගනිමින් අතිශයින් ජනපි‍්‍රය වූ භාතිය සන්තුෂ්ගේ නවතම නිර්මාණය තවත් දින කිහිපයකින් ගීත රූප රචනා කලාව මෙන්ම සංගීත කලාව ද උඩි යටිකුරු කරමින් බොහෝ දෙනකුගේ කතාබහට ලක්වන නිර්මාණයක් වනු නොඅනුමානය.

භාතිය” සන්තුෂ්” යොහානි” කයිසර් පමණක් නොව නිලාර්” චමිත ඇතුළු පිරිසත් රූප රචනය සඳහා සම්බන්ධ වූ සියලූ දෙනාගේ හැකියාවන් එක්ව නිර්මාණය වූ ‘උන්මාද පේ‍්‍රම ගීය.ට රසිකයන්ගෙන් ඉහළ මනාපයක් හිමි වේ.



නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment