උපත්, මරණ, විවාහ සහතික පිටපත් ඔන්ලයින් එයි

392

උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් අද (02) සිට ඔන්ලයින් ඔස්සේ ලබාදීම ආරම්භ කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කීය.

ඉල්ලුම් කරන එම සහතික පිටපත් සීඝ්‍රගාමි තැපෑල ඔස්සේ හෝ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබාගැනීමේ හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර ජංගම දුරකථන සහ පරිගණක භාවිත කරමින් එම සහතිකවල පිටත් ඉල්ලුම් කිරිමේ හැකියාව පවති.

ඒ සඳහා විසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතා කරමින් ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකළ හැක.

මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා 011-2889518 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment